උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් ගංගාද්‍රෝණි 12 ක් සඳහා ගංවතුර අවදානම් පුර්ව දැනුම්දීමක්.

Flood warningගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන්  ඉදිරි දින කීපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට ගිගුරුම් සහිත ඉතා තද වැසි සහ සුළං සහිත කාළගුණික තත්ත්වයක් පැවතිය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේනදයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

නැගෙනහිර සහ ඌව පළාත්වලට මිලිමීටර් 150 ඉක්ම වු තද වැසි ඇතිවිය හැකි බවටත්  දිවයිනේ බොහෝ ගිගුරුම් සහිත ඉතා තද වැසි සහ සුළං සහිත කාළගුණික තත්වයක් පැවතිය හැකිබව මෙම නිවේදනයෙන් අවධාරණය කර තිබේ. පසුගිය වර්ෂවල ගංගාවල හැසීරීම් තත්ත්වය සහ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු පුරෝකථන සළකාබලා පහත ගංගා ද්‍රෝණි සඳහා ගංවතුරු අවදානම් පුර්ව නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

  1. Malwathu Basin මල්වතු ඔය
  2. Kala Oya Basin කලා ඔය
  3. KanagarayanAru Basin කනගරායන් ආරු
  4. Parangi Aru Basin  පරංගි ආරු
  5. Maa Oya Basin  මා ඔය
  6. Yan Oya Basin යාන් ඔය
  7. Mahaweli Ganga Basin මහවැලි ගංග
  8. Maduru Oya Basin මාදුරු ඔය
  9. MundeniAru Basin මුන්දෙනි ආරු
  10. Gal Oya Basin ගල් ඔය
  11. Heda Oya Basin හැඩ ඔය
  12. Vila Oya විලා ඔය

මේ සම්බන්ධ පුර්ව අනතුරු ඇගවීම් නිවේදනය පහත සබැදියෙන් භාගත කර ගැකිය. 

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති ගංවතුරු අවදානම් පුර්ව නිවේදනය

 


 

 

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052