උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් ගංගාද්‍රෝණි 12 ක් සඳහා ගංවතුර අවදානම් පුර්ව දැනුම්දීමක්.
නැගෙනහිර සහ ඌව පළාත්වලට මිලිමීටර් 150 ඉක්ම වු තද වැසි ඇතිවිය හැකි බවටත් දිවයිනේ බොහෝ ගිගුරුම් සහිත ඉතා තද වැසි සහ සුළං සහිත කාළගුණික තත්වයක් පැවතිය හැකිබව මෙම නිවේදනයෙන් අවධාරණය කර තිබේ. පසුගිය වර්ෂවල ගංගාවල හැසීරීම් තත්ත්වය සහ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු පුරෝකථන සළකාබලා පහත ගංගා ද්‍රෝණි සඳහා ගංවතුරු අවදානම් පුර්ව නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. මේ සම්බන්ධ පුර්ව අනතුරු ඇගවීම් නිවේදනය පහත සබැදියෙන් භාගත කර ගැකිය. වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති ගංවතුරු අවදානම් පුර්ව නිවේදනය ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් ඉදිරි දින කීපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට ගිගුරුම් සහිත ඉතා තද වැසි සහ සුළං සහිත කාළගුණික තත්ත්වයක් පැවතිය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේනදයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.