2024-11-08 Monsoon Meeting  2එළඹෙන ඊසාන දිග මෝසම් ආපදා පෙරසූදානම් හා ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධිකරණ ඒකක වෙත ලබා දී ඇති උපදෙස් අනුව පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්න්ධීකරණ කමිටු රැස්වීම් දිස්ත්‍රික් ලේකම්තුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පසුගිය වර්ෂවල දී මෝසම් තත්ත්වය සක්‍රීයවීමත් සමඟ දිස්ත්‍රිකය තුළ ඇති වූ ආපදා අවස්ථාවලදී පෙරසූදානම් හා හදිසි ප්‍රතිචාර කටයුතු සම්බන්ධ ප්‍රගතිය සහ මුහුණ දීමට සිදු වු ගැටළු පිළිබඳව මෙහි දී සමාලෝචනය කරන ලද අතර ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය සාර්ථකව සිදු කර ගැනීම සඳහා ස්ථාපිත කර ඇති සම්බන්ධීකරණ ක්‍රියාවලිය සහ පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේද, සෙවීම් හා මුදවා ගැනීම් කණ්ඩායම් ස්ථානගත කරනු ලබන ස්ථාන,කඳවුරු කළමනාකරණ, සෞඛ්‍ය පහසුකම් පිළිබඳව මෙහි දී අවධානය යොමු කරන ලදී.

දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති දිස්‍ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ රැස්වීම් සඳහා ප්‍රාදේශීය ලේකම්වරු, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුලු දිස්ත්‍රික්කය තුළ ආපදා අවදානම් අවම කිරීමේ ක්‍රියාවලිය තුළ කටයුතු කරන සියලු පාර්ශවකාර ආයතන සහභාගී විය.

ඊසාන දිග මෝසම් කාල සීමාව තුළ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණදීම සම්බන්ධයෙන් පාර්ශවකාර ආයතතන දැනුවත් කිරීම සහ පෙරසූදානම ඇති කිරීම අරමුණු කරගනිමින් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්න්ධීකරණ ඒකක විසින් මෙම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීම්සංවිධානය කරන ලදී.

ඊසාන දිග මෝසම සක්‍රීයවීමට පෙර මෝසම් තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වන අනෙකුත් දිස්ත්‍රික්කවල ද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු පවත්වා ඇතිවිය හැකි ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා වන සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමක් කිරීමට කටයුතු කරනු ඇත.

 

හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්න්ධීකරණ කමිටු රැස්වීම

 

 2024-11-08 Monsoon Meeting  3 2024-11-08 Monsoon Meeting  1 2024-11-08 Monsoon Meeting  6

පොළොන්නරු දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්න්ධීකරණ කමිටු රැස්වීම

monsoon meeting 2024monsoon meeting 2 2024monsoon meeting 3 2024

 

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079