නියඟයෙන් පීඩාවිදින පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට පානීය ජල අවශ්‍යතා සැපීරීම සඳහා ඒ්කාබද්ධ වැඩසටහනක්
වාර්ෂිකව නියං ආපදා තත්ත්වයට ගොදුරුවන දිස්ත්‍රික්කයක් වන පුත්තලම දිස්ත්‍රික්කයේ උච්චමුනෙයි සහ කල්පිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පාසැල් දරුවන් හට සුරක්ෂිත පානීය ජල අවශ්‍යතා සපුරාදීම වෙනුවෙන් ජල පිරිපහදු පද්ධති ස්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකා වර්ඩ් විෂන් ආයතනය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව නව වැඩසටහනක් ආරම්භ කර ඇත. මෙම වැඩසටහන වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා වු අවබෝධතා ගිවිසුමකට එළඹීමට පසුගිය දා කටයුතු කරන ලදී. ඒ් අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ධෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත් මහතා සහ ශ්‍රී ලංකා වර්ඩ් විෂන් ආයතනයේ ජාතික අධ්යක්ෂ ආචාර්ය ධනන් සේනාධිරාජ් (Dr. Dhanan Senathiraj) මහතා විසින් පසුගිය ජූලි 01 වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදී.
ශ්‍රී ලංකා වර්ඩ් විෂන් ආයතනයේ සම්බන්ධීකරණයෙවන් ඇමරිකානු පරිත්‍යාගශීලීන්ගේ පරිත්‍යාග මත ආරම්භ කරනු ලබන මෙම ව්‍යාපෘතියෙහි පළමු අදියර වශයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ උච්චමුනෙයි සහ කල්පිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල තෝරාගත් පාසැල් සඳහා වායුගෝලයේ ඇති ජලය අවශෝෂණය කර එම ජලය පිරිසිදු පානීය ජලය බවට පරිවර්තනය කළ හැකි ජල පිරිපහදු ඒ්කක 15 ක් ස්ථාපිත කරනු ලබයි. ඒමගින් නියඟ පවතින කාලවල දී ද ජල මූලාශ්‍ර සිඳීගිය ද පාසැල් සඳහා පානීය ජල අවශ්‍යතා පසුරාගැනීමට හැකි වනු ඇත. මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත ඉදිරියේ දී මෙම වැඩසටහන නියඟ ආපදා තත්ත්වය පවතින අනෙත් දිස්ත්‍රික්ක සඳහා ද ක්‍රියාතම කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අපේක්ෂා කරයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පරිපාලන සහ මානව සම්පත් අධ්යක්ෂ අධීප තිලකරත්න ඇතුලු ආයත ද්විත්වයෙහි නිළධාරීන් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට සහභාගී විය.