GCE-Ordinary-Level-Exam-Sri-Lanka-2024අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා නිසා සිදුවිය හැකි බාධාකාරී තත්ත්වයන් මගහැර සියලු සිසු දරුවන්ට විභාගයට පෙනී සිටීමට ඇවස්ථාව සළසාදීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විභාග දෙපාර්තමේන්තුව සමග එක්ව ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විභාග දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව සහ පොලිසීය ඇතුලු පාර්ශව කාර ආයතන සම්බන්ධීකරණයෙන් මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව මැයි 06 දින විභාගය අවසන් වන තෙක් මෙම ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම කාලසීමාව තුළ කිසියම් අනතුරක් හෝ ආපදාවක් නිසා විභාගයට පෙනී සිටීමට බාධාවක් ඇති වේ නම් හෝ ඇතිවේ යැයි ඔබ අනුමාන කරන්නනේ නම් මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය ඇමතිය හැකිය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්ෂිණික ඇමතුම් අංක 117 පැය 24 පුරා විවෘතව පවතින අතර විභාග සම්බන්ධයෙන් ඇතිවිය හැකි ගැටලු මෙම දුරකථන අංක වෙත යොමු කළ හැකි ය.

මෙම ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය මගින් ආපදා අවදානම් කළමනාකරණ කටයුතු ක්‍රියාත්මක කරන විවිධ පාර්ෂවකාර ආයතන වෙත විභාග පැවැත්වෙන කාල සීමාව තුළ කටයුතු කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ දැනටමත් කිතුක් කිරීමට කටයුතු කර ඇත.

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052