Univercity student Awareness 04-04 4

කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ උපාධි හදාරනු ලබන උපාධී අපේක්ෂකයින් පිරිසක් අධ්‍යයන චාරිකාවක් සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීම අද දින (04/04) සිදු කෙරිනි. කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යාංශය විසින් සිදු කරනු ලැබු ඉල්ලීමකට අනුව ආපදා අවදානම් අවම කිරිම් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රජාව දැනුවත් කිරිමේ ජාතික වැඩසටහන යටතේ මෙම දැනුවත් කිරීමේ වැසසටහන සහ නිරීක්ෂණ චාරිකාව සංවිධානය කරන ලදී.

රට තුළ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය සම්බන්ධීකරණය කිරීම සදහා පවතින නෛතික ආයතනය වශයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන අතර සියලු රාජ්‍ය, රාජ්‍ය නොවන සහ පෞද්ගලික පාර්ශවකාර ආයතන සම්බන්ධීකරණය කරමින් රට තුළ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන බව මෙම අවස්ථාවට සහභාගී වු ආපදා කළමානරකණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත් මහතා පෙන්වා දෙන ලදී.

ඒ අනුව ආපදා අවම කර ගැනීම සදහා පාර්ශවකාර ආයතන විසින් සිදු කරනු ලබන කාර්ය භාරය ඉතා වැදගත් බවත් ආපදාවලට පාත්‍ර වන ජනතාවගේ ධාරිතාව වර්ධනය කිරීම, ආපදා අවදානම් කළමනාකරණය කිරීම මෙන්ම පුර්ව අනතරු ඇගවීම් නිසි ලෙස ලබාදීමට කටයුතු කිරීමේ වැදගත් කම පෙන්වා දෙන ලදී.

උගත් බුද්ධිමත් තරුණ පිරිසක් වශයෙන් සමාජයේ වගකීම් දරණ විට ආපදා අවදානම් කළමනාකරණ විෂය ප්‍රවීනතාවය ලබාගැනීමේ වැදගත්කම පෙන්වා දුන් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විෂය ප්‍රවීනතාවය සහිත පිරිසක් වශයෙන් ජනතාවගේ ජීවිත සහ දේපළ සුරක්ෂිත කිරීම සදහා තම වගකීම ඉටු කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලීමක් ද සිදු කරන ලදී.

විශ්වවිද්‍යාල ප්‍රජාව දැනුවත් කිරිමේ ජාතික වැඩසටහන යටතේ විශ්වවිද්‍යාල සිසුන් දැනුවත් කිරීම, පර්යේෂණ අවස්ථා ලබාදීම හා සිදුකරනු ලබන පර්යේෂණ සදහා අවශ්‍ය තොරතුරු ලබාදීම, පුස්තකාල පහසුකම් සැලසීම මෙන්ම තෝරාගත් අංශ ඔස්සේ ප්‍රායෝගික පුහුණු අවස්ථා ලබාදීම තුළින් ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය තුළ කටයුතු කිරීමට බලාපොරොත්තු වන විශ්වවිද්‍යාල සිසුන්ගේ දැනුම හා කුසලතාව වර්ධනය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරනු ලබයි.

විෂය නිර්දේශය ආවරණය වන ආකාරයෙන් ආපදා කළමනාකරණක්‍රියාවලිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කාර්යභාරය, ආපදා අවදානම් කළමනාකරණය සදහා ගෝලීය වශයෙන් පවතින රාමුගත වැඩසටහන් සහ ශ්‍රී ලංකාව එබඳු වැඩසටහන් හා සම්බන්ධ වී කටයුතු කරන ආකාරය, ආපදා කළමනාකරණය කරගැනීමේ දී හදිසි මෙහෙයුම් මැදිරි ක්‍රියාකාරීත්වය, පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේද මෙන්ම ආපදා අවස්ථාවක දී ඒ පිළිබඳ තොරතුරු දැනගැනීම සහ මහජනතාවට අපාදවක් පිළිබදව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක 117 ආපදා කළමානාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් මැදිරි ක්‍රියාකාරීත්වය පිළිබදව ප්‍රායෝගික දැනුම ලබාදීම මෙම පුහුණු වැඩසටහනට ඇතුලත් විය.

Univercity student Awareness 04-04 6Univercity student Awareness 04-04 1Univercity student Awareness 04-04 2

Univercity student Awareness 04-04 7Univercity student Awareness 04-04 5Univercity student Awareness 04-04 3

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079