2024-03-20  Boat Handelling Programme Kalutha  7හදිසි ගංවතුර ආපදා තත්වයකදී ජනතාව ඉන් මුදවා ගැනීමේ මුල් ප්‍රතිචාර දක්වන කමිටු සාමාජිකයින් සඳහා බෝට්ටු ක්‍රියාකාරීත්වය පිළිබද පුහුණු වැඩ සටහනක් පසුගිය 19 වන දින කළුතර නාවික හමුදා කඳවුරේ දී පවත්වන ලදි.ඉදිරියේ දී ඇතිවිය හැකි නිරිත දිග මෝසම් ආපදා අවස්ථාවක දී ප්‍රතිචාර දැක්වීම සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වෙත බෙදා දී ඇති පිටත දහන යන්ත්‍ර ධාවනය කිරීම සහ නඩත්තු කිරීම සදහා හදුනාගත් ආරක්ෂක අංශ සාමාජිකයින් හා ග්‍රාමීය ආපදා කමිටු සාමාජිකයින් මෙම වැඩසටහන යටතේ පුහුණු කරන ලදී.

ගංවතුර අවස්ථාවක දී බෝට්ටු පැදවීම සහ බෝට්ටු නඩත්තු කිරීම පිළිබඳ න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබාදීම, ගංවතුර ආපදාවක දී ජලය මත යාත්‍රා හැසිරවීම, ආපදාවට ලක්වු පුද්ගලයින් මුදවාගැනීම, ආරක්ෂිතව යාත්‍රා මඟින් ප්‍රවාහනය කිරීම, ආරක්ෂිතව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කරවීම, යාත්‍රාවන්හි එන්ජින්වල ක්‍රියාකාරිත්වය පිළිබඳ දැනුම ලබාදීම හා හදිසි අවස්ථාවක දී යාත්‍රා එන්ජින් යථා තත්ත්වයට පත්කරවීම සම්බන්ධයෙන් නිළධාරීන් දැනුවත් කිරීමට සිදු කරන ලදී.

ඊට අමතරව ගංවතුර ආපදා අවස්ථාවන්වලදී සහන කණ්ඩායම් වල සිටින ජීවිත ආරක්ෂකයෙකු සතු විය යුතු දැනුම සහ කුසලතා, ජීවිත ආරක්ෂක රාජකාරි හා මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන අවස්ථාවන්වලදී සහන කණ්ඩායම් සාමාජිකයින් විසින් ගතයුතු ආරක්ෂිත පියවරයන් සහ ජීවිත ආරක්ෂක උපකරණ භාවිතය සහ යාත්‍රාවන්ට ගොඩවීමේ සිට ජීවිත ආරක්ෂක රාජකාරි නියැලෙන අවස්ථාව දක්වා ගත යුතු ආරක්ෂිත ක්‍රියා මාර්ග මෙන්ම සැඩ පහර අධික අවස්ථාවලදී යාත්‍රාව හැසිරවිය යුතු ආකාරය පිළිබඳව හා ආපදා අවස්ථාවන්වලදී ජීවිත ආරක්ෂක උපකරණ භාවිතා කරමින් ජනතාව බේරා ගැනීම පිළිබඳ ප්‍රායෝජික පුහුණුවක් ලබාදීමට කටයුතු කරන ලදී.

මෝසම් ආපදා පෙරසුදානම් බව සහතික කිරීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ජනෙරාල්තුමාගේ උපදෙස් මත කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් මෙම පුහුණු වැඩසටහන සංවිධානය කරන ලදි.

2024-03-20  Boat Handelling Programme Kalutha  12024-03-20  Boat Handelling Programme Kalutha  22024-03-20  Boat Handelling Programme Kalutha  4

2024-03-20  Boat Handelling Programme Kalutha  52024-03-20  Boat Handelling Programme Kalutha  92024-03-20  Boat Handelling Programme Kalutha  10

 

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052