2024-03-18 Air Force Training  DMC 5මොරවැව ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ සෙවීම් සහ මුදවා ගැනීම් පිළිබද මුලික පුහුණු පාඨමාලාව හදාරණු ලබන ශ්‍රී ලංකා ගුවන් හමුදා නිළධාරීන් කණ්ඩායමක් ආපදා කළමනාකරණ කටයුතු පිළිබඳව පුහුණු වැඩමුලුවකට සහ හදිසි මෙහෙයුම් මැදිරි නිරීක්ෂණ චාරිකාවකට 18 දින සහභාගී විය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් අනුව සංවිධානය කරන ලද මෙම පුහුණු වැඩසටහනට ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය, ආපදා අවදානම් කළමනාකරණය සම්බන්ධ ගෝලීය වශයෙන් පවතින රමුගත වැඩ සටහන් සහ ආපදා හදිසි මෙහෙයුම් ක්‍රියාවලිය පිළිබඳ සිද්ධාන්තික කරුනු මෙන්ම හදිසි මෙහෙයුම් මැදිරිය සහ හදිසි ඇමතුම් මැදිරිය නිරීක්ෂණය කිරීම මෙම දැනුවත් කිරීමේ පුහුණු සැසියට ඇතුලත් විය. ඒසේම හදිසි අවස්ථා සම්බන්ධීකරණ සම්බන්ධයෙන් පවත්නා සම්මත මෙහෙයුම් පටිපාටි සහ ආපදා සහන සේවා සම්බන්ධීකරණය කිරීම තුළ ත්‍රිවිධ හමුදාවට සම්බන්ධ විය හැකි ආකාරය පිළිබඳව මෙම නිළධාරීන් දැනුවත් කිරීම සිදු කරන ලදී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් මත හදිසි මෙහෙයුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ටී.සී හරස්ගම සහ අධ්‍යක්ෂ දැනුවත් කිරීම් ප්‍රදීප් කොඩිප්පිලි යන මහත්වරුන් ඇතුලු ආපදා කළමනිකරණ මධ්‍යස්ථානයේ නිළධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සම්බන්ධ විය.

2024-03-18 Air Force Training  DMC 22024-03-18 Air Force Training  DMC 12024-03-18 Air Force Training  DMC 3

2024-03-18 Air Force Training  DMC 42024-03-18 Air Force Training  DMC 62024-03-18 Air Force Training  DMC 7


Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079