Media Workshop  Mathaleආපදා කළමනාකරණ යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම සහ ජනතාවට තොරතුරු ලබාදීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සම්බන්ධ කර ගැනීමේ මාතලේ දිස්ත්‍රික් වැඩසටහන මාතලේ දිස්ත්‍රික් ලේකම් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්ගේ ප්‍රධානත්වයෙන් 2018.07.19 දින මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

ආපදා කළමනාකරණය පිළිබදව තොරතුරු ග්‍රාමීය මට්ටම දක්වා ප්‍රචාරණය කිරීම, ආපදා අවදානම අවම කර ගැනීමට සහ ආපදා නිසා සිදුවන ජීවිත හා දේපළ හානි අවම කර ගැනීම සහ රටේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා ජනතාව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ. ඒ අනුව ආපදා කළමනාකරණය පිළිබදව නිවැරදි දත්ත සහ තොරතුරු ග්‍රාමීය මට්ටම දක්වා ප්‍රචාරණය කිරීම සදහා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සෘජුව සම්බන්ධ කර ගැනීමේ කාර්යක්ෂම ක්‍රමවේදයක් සකස් කිරීමේ අභිප්‍රාය ඇතිව ආපදා කළමනාකරණය පිළිබදව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීම දීපව්‍යාප්තව සිදුකරනු ලැබේ.

ආපදා කළමනාකරණය සහ ආපදා සංනිවේදනය පිළිබද සිද්ථාන්තික තොරතුරු සහිත දේශන මෙම එක්දින පුහුණු වැඩසටහනේ පළමු සැසියට ඇතුළත් විය. නායයෑම් කළමනාකරණය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කාර්යභාරය, ආපදා සහන ලබාදිමේදී පවතින ප්‍රතිපත්ති හා චක්‍රලේඛ, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යභාරය, කාලගුණික හා දේශගුණික වෙනස්කම් හා ඒ ආශ්‍රිත සිදුවිය හැකි ආපදා, ආපදා කළමනාකරණ ක්‍රමවේදය සහ ආපදා කළමනාකරණයේදී මාධ්‍ය කාර්යභාරය පිළිබද සිද්ධාන්තික කරුනු සහ ආපදා සංනිවේදනයේ ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබද ප්‍රායෝගික ක්‍රියාකාරකම්ද මෙම වැඩසටහනට ඇතුලත් විය.

මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ජී.කේ පෙරේරා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එස්. අමලනාදන්, අධ්‍යක්ෂ දැනුවත් කිරීම් සුගත් දිසානායක යන මහත්වරුන් සහ මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රාදේශීය මාධ්‍යවේදීන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන‍ය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, ආපදා සහන සේවා මධ්‍යස්ථානය, මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතලේ ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය සහ මාතලේ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය යන ආයතන නියෝජනය කරන නිළධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහගාගීවිය.

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ මීලග වැඩසටහන වව්නියාව දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිතව ඇත.

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052