Revised Preparedness  Planing concept at Local level 2024 4වර්ෂ 2030 වන විට සපුරාගත යුතු අනෙකුත් ගිවිසුම් හා සම්මුතීන් වන “සෙන්දායි ‍රාමුව (2015 -2030)” “තිරසාර සංවර්ධන ඉලක්ක 2015-2030” සහ “දේශගුණික විපර්යාස සම්බන්ධ පැරිස් සමම්මුතිය 2015-2030” වැනි ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමංජිකයින් වශයෙන් කටයුතු කරන ලොව සෑම රටක්ම එකඟත්වයකට පැමිණ ඇත.

2015 වර්ෂයේ දී පවත්වන ලද ආපදා අවදානම් අවම කිරීම සම්බන්ධ එක්සත් ජාතීන්ගේ තෙවන ලෝක සමුළුවට අනුව එක්සත් ජාතීන්ගේ මහා සමුළුව විසින් ආපදා අවදානම් අවම කිරීම සඳහා වන සෙන්දායි රාමුව පිළිගෙන තිබෙන අතර එමගින් ආපදා අවදානම සහ ආපදා නිසා සිදුවන ජීවිත, ජීවනෝපාය හා සෞඛ්‍යමය හානි මෙන්ම පුද්ගලයෙකුගේ, ව්‍යාපාරයක, ප්‍රජාවක හෝ රටක සිදුවිය හැකි ආර්ථික, භෞතික, සමාජයීය, සංස්කෘතික සහ පාරිසරික වත්කම්වලට සිදුවන හානි සැළකිය යුතු මටිටමකින් අවම කිරීම සම්බන්ධව කටයුතු කරයි.

එ් අනුව ආපදා අවදානම අවම කිරීම සඳහා ප්‍රාදේශීය ආපදා අවදානම අවම කිරීම සදහා වන ප්‍රාදේශීය ආපදා පෙරසුදානම් මාර්ගෝපදේශ නැවත යාවත්කාලීන කිරීම සිදු කළ යුතු බැවින් ඉහත සම්මුතීන් සහ වර්තමානයේ දී ගෝලීය වශයෙන් හදුනාගෙන ඇති ආපදා අවදානම් අවම කිරීමේ සංකල්ප අනුව ඉදිරි පස් අවුරුදු කාල සීමාව සදහා ආපදා පෙරසුදානම් මාර්ගෝපදේශ සකස් කිරීම සදහා පාර්ශවකාර ආයතන අදහස් විමසීමේ වැඩමුලුවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජනෙරාල් අදීප තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 21 වන දින කොළඹ රැඩිෂන් හෝටල් පරිශ්‍රයේ දී පැවැත් විනි.

ලෝක ආහාර වැඩසටහනේ (WFP) මුල්‍ය ප්‍රතිපාදන යටතේ ආපදා කළමනාකරණ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම වැඩමුලුව සදහා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය හා සම්බන්ධ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් සහභාගි වු අතර ආපදා පෙර සූදානම් මාර්ගෝපදේශ සකස් කිරීම සම්බන්ධයෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම සහ අදහස් ලබා ගැනීම මෙහි දී සිදු කෙරිණි.

Revised Preparedness  Planing concept at Local level 2024 5Revised Preparedness  Planing concept at Local level 2024 2Revised Preparedness  Planing concept at Local level 2024 6

Revised Preparedness  Planing concept at Local level 2024 1Revised Preparedness  Planing concept at Local level 2024 3Revised Preparedness  Planing concept at Local level 2024 7

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079