Village commitee Hali Ela editedබදුල්ල ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ විසින් Save the Children, සර්වෝදය යන රාජ්‍ය නොවන සංවිධානවල සම්බන්ධීකරණයෙන් එක්සත් ජනපද නියෝජිතායතනයේ මානුෂීය ආධාර සඳහා කාර්යාංශය (USAID-BHA) සහාය ඇතිව බදුල්ල ආපදා අධි අවදානම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06 ක ග්‍රාම නිලධාරි වසම් 40 ක් තෝරාගෙන ආපදා පෙරසූදානම, නිවැරදි ප්‍රතිචාර දැක්වීම සහ ප්‍රතිසාදනය පිළිබඳ ප්‍රජාව ශක්තිමත් කිරීමේ දෑ අවුරුදු ව්‍යාපෘතියක් බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන ලදී.

තෝරාගත් අධි අවදානම් ග්‍රාම නිළධාරී වසම් තුළ වසමේ ආපදා අවදානම් තක්සේරු කිරීමේ, ආපදා කළමනාකරණ සැලසුම් සකස් කිරීම හා ග්‍රාමීය ආපදා කළමනාකරණ කමිටු ස්ථානගත කිරිම ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය යටතේ හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගොඩේගම බී ග්‍රාම නිළධාරී වසම තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පසුගිය (ජන) 23 වන දින ආරම්භ කරන ලදී.

 

ප්‍රදේශයේ පවතින අවදානම් තත්ත්ව විශ්ලේෂණය කිරීම සඳහා සමාජ සිතියම (අවදානම දක්වමින්), කණ්ඩායම් සාකචිචා, අත්දැකීම් හුවමාරු කරගැනීම, යුගල සන්සන්දනය, සෘතු සටහන, රූප සටහන් සහ විවෘත සාකච්චා වැනි සහභාගීත්ව ග්‍රාමීය පිවිසුම් (PRA) මෙවලම් භාවිතා කරන ලදී.

සහභාගීත්ව ග්‍රාමීය පිවිසුම් (PRA) තුළින් තොරතුරු එක්රැස් කිරීම්, තොරතුරු විශ්ලේෂණය කිරීම තුළින් ග්‍රාම නිළධාරී වසම තුළ පවතින උවදුරු, ආපදා පාත්‍රතාව සහ ධාරිතාව පිලිබඳ දත්ත ඒකරාශී කරන ලදී. මෙම තොරතුරු නැවත විශ්ලේෂණය කර ගිනිමින් ප්‍රජාව හා රාජ්‍ය නිලධාරීන් සමග වසම සඳහා ආපදා අවදානම් අවම කිරීමේ සැලසුම් සකස් කිරීම සියලුදෙනාගේ එකගත්වය මත සිදු කරන ලදී. මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීම සදහා ග්‍රාමීය ආපදා කළමනාකරණ කමිටුද ස්ථාපනය කරන ලදි.

ස්ථාපිත කමිටුව හා රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය සහිතව ව්‍යාපෘතියෙහි මූල්‍යමය සහයෝගය සහිතව ඉදිරියේදී මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079