Minister Visit EOC 2024-01-12 7පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක දිස්ත්‍රික්ක 07 ක පවුල් 53,641 ක් පමණ පීඩාවට පත් වී ඇති බැවින් ජනතාව මුහුණ දී ඇති පිඩා අවම කිරීම සම්බන්ධව ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සොයාබැලීම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් අද දින (12) සිදු කරන ලදී.

පවතින ආපදා තත්වය හේතුවෙන් සිදුවී ඇති බලපෑම් සම්බන්ධ දත්ත සහ තොරතුරු සහ පෘඩාවට පත් ජනතාව වෙනුවෙන් මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සොබැලීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා ජනතාවට අවශ්‍ය සහන සලාසාදීම සම්බන්ධයෙන් නිළධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.

ජනතාවට සහන සැලසීම සදහා අවශ්‍ය පරිදි මුල්‍ය ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබාදීමටත් හදිසි ආපදා තත්ත්වයක දී ජනතාවට අවශ්‍ය සේවා ලබාදීම සම්බන්ධීකරණය සඳහා පැය විසිහතර පුරාවට රාජකාරී ඉටුකිරීම සදහා විධිවිධාන සැලසීම පිළිබඳව අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදී.

ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් කේ.ජී ධර්මතිලක, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනෙරාල් අතුල කරුණානායක, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනෙරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන, ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ. යු ජයසේකර, හදිසි මෙහෙයුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ටී. සී හරස්ගම, දැනුවත් කිරීමේ අංශ වැඩබලන අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ඇතුලු හදිසි මෙහෙයුම් මැදිරි රාජකාරී භාර නිළධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ. ඊට අමතරව අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල සහ අම්පාර දිස්ත්‍රික් ලේකම්වරු සහ මෙම දිස්ත්‍රික්කයන් හි ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂවරු මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මෙම අවස්ථාවට සම්බන්ධ විය.

 

Minister Visit EOC 2024-01-12 2Minister Visit EOC 2024-01-12 3Minister Visit EOC 2024-01-12 4

Minister Visit EOC 2024-01-12 6Minister Visit EOC 2024-01-12 9Minister Visit EOC 2024-01-12 10

 

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079