Press Ministey of DMජුලි මස 03 වන දින සිට 06 වනදා දක්වා මොංගෝලියාවේ පැවති ආසියාතික රටවල ආපදා කළමනාකරණ අමාත්‍යවරුන්ගේ සම්මේලනයේදී, ආසියානු පැසිෆික් කලාපය සඳහා ආපදා කළමනාකරණය පිළිබඳ ස්වේච්ඡා බලකායක් නිර්මාණය කිරීම සඳහා වන යෝජනාවක් එතුමන් ඇතුළු පිරිස විසින් ඉදිරිපත් කළ බවත්, 2020 ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන මීලඟ සැසි වාරයේදී ඒ සඳහා වන අනුමැතිය ලැබිය හැකි බවත් වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර අමාත්‍යතුමා පැවසීය. අමාත්‍යතුමා මේ අදහස් දැක්වූයේ 2018 ජුලි මස 17 වන දින වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.
තවද අමාත්‍යාංශය හරහා ඉදිරියේදී සිදු කරනු ලබන සියළුම සංවර්ධන කාර්යයන් සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ප්‍රාදේශීය ලේකම් කාර්යයාල, පළාත් පාලන ආයතන, ඇතුළු අනෙකුත් අදාල සියළුම පාර්ශවයන්ගේ අනුමැතිය මත ක්‍රියාත්මකවීම මගින් ආපදා තත්ත්වයන් පාලනය කිරීමට අවශ්‍යය ක්‍රමවේදයක් සැකසීමට මූලික සැලසුම් ක්‍රියාත්මක කරන බවත්, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් මූලික කර ගනිමින් හදිසි අවස්ථාවන්හිදී ක්‍රියාත්ක වීම සඳහා ස්වේච්ඡා බලකායන් පිහිටුවා, ආරක්ෂක අංශයන්හි සහභාගීත්වයෙන් ඔවුන් පුහුණු කිරීමට අවශ්‍යය කටයුතු සලසන බවත් රාජ්‍ය අමාත්‍යතුමන් ප්‍රකාශ කර සිටියේය.

එසේම පසුගිය දා ඇචහැලුනු වර්ෂාව හේතුවෙන් 150,000 ක පමණ පිරිසක් පීඩාවට පත් වූ බවත් ඉන් 75,000 කට ආසන්න පිරිසක් කඳවුරුගත කරමින් සහන සැලසීමේ ක්‍රියාවලින් ආරම්භ කළ බවත් මෙහිදි රාජ්‍ය අමාත්‍යතුමන් ප්‍රකාශ කර සිටියේය. ඊට අමතරව පසුගිය සතියේ බලපෑ දැඩි සුළං තත්වය හේතුවෙන් හානි සිදු වූ නිවාස වලට කඩිනමින් සහන ලබා දීමේ ක්‍රියාවලියද මේ වන විටත් සිදු කරමින් පවතින බව එතුමන් තවදුරටත් ප්‍රකාශ කර සිටියේය.
පළාත් පාලන ආයතනයවල හා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිසි අනුමැතියෙන් තොරව හා තත්ත්ව වාර්ථාවකින් තොරව ඉදිකරනු ලබන සියළු ඉදිකිරීම් නිසා ගොඩනැගිලි කඩා වැටීම් ආදී ආපදාවන් පසුගිය කාලයන්හිදී නිරන්තරයෙන් සිදු වූ බැවින් ඉදිරි ඉදිකිරීම් සඳහා හා වසර 25කට වඩා පැරණි ජනතාව ගැවසෙන හා පදිංචි සියළු ගොඩනැගිලි සඳහා තත්ත්ව වාර්ථා ලබා ගැනීම අනිවාර්ය වන බවත්, එහිදී නුසුදුසු යැයි තක්සේරු කරනු ලබන ගොඩනැගිලි ජනතාවගේ සුභ සාධනය උදෙසා ඉවත් කිරීමට කටයුතු කරන බව වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ප්‍රකාශ කරන ලදී.
වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ ජාතික සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චමින්ද පතිරාජ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079