examination 3ඊසාන දිග මෝසම් වර්ෂාව හේතුවෙන් ආන්තික කාලගුණික තත්වයන් නොසලකා හැරිය නොහැකි බැවින් මෙවර උසස් පෙළ විභාග පැවැත්වෙන කාල සීමාව තුළ ආපදාවලින් බාධා නොවී විභාගය පවත්වා ගෙන යාම සදහා හදිසි ප්‍රතිචාර යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සහ ආපදා පූර්ව සූදානම අත්‍යවශ්‍ය කරුණකි. අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම සදහා විශේෂ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන ලදී. මේ පිළිබඳව අදාල අංශ දැනුවත් කිරීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල් විශ්‍රාමික මේජර් ජනෙරාල් සුදන්ත රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විභාග දෙපාර්තමේන්තුව ඇතුලු පාර්ශව ආයතන නිළධාරීන්ගේ ප්‍රධානත්වයෙන් අද දින (02) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී සිදු කරන ලදී.

මෙම සැළසුම ක්‍රියාත්මක කිරීම තුළින් මෙවර උසස් පෙළ විභාග කාල සීමාව තුළ දී ආපදා හේතුවෙන් සිසුන්ට මුහුණදීමට සිදුවිය හැකි බාධා මග හැරගනිමින් සාර්ථකව විභාගයට මුහුණදීමට අවශ්‍ය යහපත් පරිසරයක් නිර්මාණය කිරීම අපේක්ෂා කරන ලදී. මෙම වැඩසටහන අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් විභාග දෙපාර්තමේන්තුව සමග ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුලු ආපදා කළමනාකරණ ක්‍රියාවලිය හා සම්බන්ධ පාර්ශවකාර ආයතන සම්බන්ධීකරණයෙන් විභාගය පැවැත් වෙන කාලසීමාව තුළ ආපදා හේතුවෙන් විභාගය පවත්වා ගැනීම සදහා ඇතිවිය හැකි බාධා කළමනාකරණය කර ගැනීම සදහා විශේෂ සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කෙරේ. ඒ සදහා අවශ්‍ය මාර්ගෝපදේශ අදාල අංශ වෙත මේ වන විටත් නිකුත් කිරීමට කටයුතු කර ඇත.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා හේතුවෙන් සිසු දරුවන්ට මුහුණ පෑමට සිදුවන බාධා මගහරවා ගැනීම සදහා ආපදා කළමාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ විභාග දෙපාර්තමේන්තුව විසින් ස්ථාපිත කර ඇති සම්බන්ධිකරණ කාර්යාලය අංක 1911 යන දුරකථන අංක මගින් අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කර ගත හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දේ.

examination 4examinationexamination 2

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052