ආපදා හේතුවෙන් මියගිය ජනතාව සිහිපත් කර 19 වන ජාතික සුරක්ෂිත දිනය සැමරේ.

Safety Day 2023  10සුනාමි ව්‍යයසන සිදු වු දෙසැමිබර් (26) “ජාතික සුරක්ෂිත දිනය” සමරා දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මිය ගිය ජනතාව සිහිපත් කරමින් සර්ව ආගමික වතාවත් සිදු කෙරුනු අතර පෙරවරු 9.25 සිට 9.27 දක්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මිය ගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කරන ලදී.ජාතික සුරක්ෂිත දින ප්‍රධාන සැමරුම් උත්සවය දකුණු පළාත් ආණ්ඩුකාර ගරු විලී ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා සහ සම්පත් අතුකොරළ මැතිතුමන්ලා ඇතුලු දේශපාලන නියෝජිතයින් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා ඇතුලු රාජ්‍ය නිළධාරීන්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ මහජනතාවගේ සහභාගීත්වයෙන් අද දින (26) පෙරවරු 9.00 සිට ගාල්ල, තෙල්වත්ත, පැරෑලිය සුනාමි ස්‌මාරකය අබියස දී පැවැත්විය.

සර්ව ආගමික වතාවත් පවත්වා සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා නිසා මිය ගිය ජනතාව පිං පැමිණ වීම සිදු කළ අතර අතර ආපදා වලින් මිය ගිය ජනතාව සිහිපත් කරමින් සුනාමි ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය. එසේම පෙ.ව. 9.25 සිට පෙ.ව.9.27 දක්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මිය ගිය ජනතාව සිහිපත් කෙරිණි.එසේම සුනාම් ව්‍යසනයෙන් විශාල සංඛ්‍යාවක ජීවිත අහිමි කරමින් පැරෑලිය ප්‍රදේශයේ දී සිදු වු දුම්රිය අනතුර සිහිපත් කරමින් සුනාමි ව්‍යසනයට ගොදුරු වූ දුම්රිය අනතුරු සිදු වු වේලාවට එම ස්ථානයට පැමිණ සුනාමි ස්මාරකයට පුෂ්පෝපහාර දක්වා සුනාමියෙන් මියගිය ජනතාව සිහිපත් කිරීම ද සිදු කරන ලදී.

මීට සමගාමීව සෑම දිස්ත්‍රික්කයකම ජාතික සුරක්ෂිත දින සැමරුම් උත්සව සංවිධානය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී. එසේම ආපදා කළමනාකරණය පිළිබද මහජනතාව දැනුවත් කිරිම, ආපදා පෙර සුදානම් සහ පෙරහුරු පුහුණු වැඩ සටහන් පැවැත්වීම, පාසැල් සිසුන් හා ගුරුවරුන් දැනුවත් කිරිම සහ පාසැල් උපකරණ බෙදාදීම යනාදී විෂේශ වැඩසටහන් ද අද දින සංවිධානය කර තිබිණි.

Safety Day 2023  16Safety Day 2023  28Safety Day 2023  12

Safety Day 2023  14Safety Day 2023  30Safety Day 2023  48

Safety Day 2023  32 Safety Day 2023  50 Safety Day 2023  25

Safety Day 2023  53Safety Day 2023  57Safety Day 2023  58

ප්‍රධාන කාර්යාලය

Colombo 2Colombo 5Colombo 4

අම්පාර දිස්ත්‍රික්ය

IMG-20231226-WA0031IMG-20231226-WA0032IMG-20231226-WA0033

 යාපනය දිස්ත්‍රික්ය

IMG-20231226-WA0004IMG-20231226-WA0011IMG-20231226-WA0012

කලුතර දිස්ත්‍රික්ය

257

රත්නපුර දිස්ත්‍රික්ය

Ratnapura 1Ratnapura 10Ratnapura 8

 කුරුණැගල දිස්ත්‍රික්ය

Kurunegala 1Kurunegala 2Kurunegala 3

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ය

trinco 2023 2trinco 2023 3trinco 2023 1

පොළොන්දිනරුව දිස්ත්‍රික්ය

Polonnaruwa 1Polonnaruwa 2Polonnaruwa 3

 මුලතිව් දිස්ත්‍රික්ය

Mullaithive Districct  2Mullaithive Districct  3Mullaithive Districct  1

කිලිනොච්චි දිස්ත්‍රික්ය

Kilinochchi Disrtict 1Kilinochchi Disrtict 2Kilinochchi Disrtict 3

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079