kandy media09-07-1028 03

ආපදා කළමනාකරණ යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම සහ ජනතාවට තොරතුරු ලබාදීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සම්බන්ධ කර ගැනීමේ මහනුවර දිස්ත්‍රික් වැඩසටහන 2018.07.09 දින මහනුවර “ජැනෝරා හිල්” හෝටලයේ දී පැවැත්විණි.

ආපදා කළමනාකරණය පිළිබදව තොරතුරු ග්‍රාමීය මට්ටම දක්වා ප්‍රචාරණය කිරීම, ආපදා අවදානම අවම කර ගැනීමට සහ ආපදා නිසා සිදුවන ජීවිත හා දේපළ හානි අවම කර ගැනීම සහ රටේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා ජනතාව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ. ආපදා කළමනාකරණය පිළිබදව නිවැරදි දත්ත සහ තොරතුරු ග්‍රාමීය මට්ටම දක්වා ප්‍රචාරණය කිරීම ක්‍රමවේදය කාරයක්ෂම කිරීමේ අභිප්‍රාය ඇතිව මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ආපදා කළමනාකරණය පිළිබදව දැනුවත් කරන ලදී. ආපදා කළමනාකරණය කාර්යයේ නිරත වන තාක්ෂණික ආයතනවල කාර්යභාරය සහ ආපදා සංනිවේදනය පිළිබද සිද්ථාන්තික තොරතුරු සහිත දේශන මෙම එක්දින පුහුණු වැඩසටහනේ පළමු සැසියට ඇතුළත් විය.

නාය යෑම් කළමනාකරණය සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කාර්යභාරය යන මාතෘකාව යටතේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, ආපදා සහන ලබාදිමේදි පවතින ප්‍රතිපත්ති හා චක්‍රලේඛන යන මාතෘකාව යටතේ ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානය සහ කාලගුණික හා දේශගුණික වෙනස්කම් හා ඒ ආශ්‍රිත සිදුවිය හැකි ආපදා යන මැයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ආපදා කළමනාකරණ ක්‍රමවේදය සහ ආපදා කළමනාකරණයේදි මාධ්‍ය කාර්යභාරය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නියෝජනය කරමින් සිද්ධාන්තික කරුනු ඉදිරිපත් කරන ලදී. ආපදා සංනිවේදනයේ ප්‍රවෘත්ති වාර්තාකරණය දී ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මුහුණපාන ගැටලු සාකච්ඡා කිරීම, මාධ්‍යවේදීන්ට සෘජුව තාක්ෂණි ආයතන සමග සම්බන්ධ වී තොරතුරු ලබාගැනීම සහ පවතින සංනිවේදන ක්‍රමවේදය පිළිබද මාධ්‍යවේදීන් ගේ අදහස් විමසීම පිළිබද විධිමත් සාකච්චාවක් දෙවැනි සැසියට ඇතුලත් විය.

මහනුවර දිස්ත්‍රික් අතිරේක ලේකම් ජේ.ඩී රණේපුර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ (දැනුවත් කිරීම්) සුගත් දිසානායක සහ අධ්‍යක්ෂ (හදිසි මෙහෙයුම්) බ්‍රිගේඩියර් අතුල ආරියරත්න ඇතුලු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිළධාරීන්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ නිළධාරීන් සහ මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මෙම අවස්ථාවට සහගාගීවිය.

මීලග මධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහන ජුලි 17 හම්බන්තොට දී පැවැත්වේ.

 

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052