Anticipetory action  3දේශගුණික විපර්යා බලපෑම් අවම කිරීමත් විභව අවදානම්වලට එරෙහිව ප්‍රජාවන් ශක්තිමත් කිරීමත් සදහා ප්‍රමුඛ ක්‍රියාමාර්ග ගැනීම වර්තමානයේ දී අත්‍යවශ්‍ය වී ඇත. එබැවින් දේශගුණික විපර්යාස සහ එතුළින් නිර්මාණය වන ආපදා වෙනුවෙන් අනුවර්තනයවීම සහ අවම කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමේ උපාය මාර්ගික වැඩපිළිවෙළක් සකස් කිරීම ගෝලීය වශයෙන් ප්‍රචලිත වෙමින් පවතී. ආපදාවක දී ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට වඩාආපදා බලපෑමෙන් මහජනතාව ආරක්ෂා කිරීම සදහා වන ආයෝජන සදහා දිරිගැන්වීම අපේක්‍ෂාකාරී ක්‍රියාමාර්ග (anticipatory action) සදහාප්‍රවේශයක් සපයයි.

එබැවින් අධ්‍යක්ෂ ජෙනරාල්ගේ උපදෙස් සහ මගපෙන්වීම මත වර්ල්ඩ් විෂන් ආයතනය, ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය (IWMI) හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) විසින් ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ නියැලෙන පාර්ශවකාර ආයතනයවල ධාරිතාව වර්ධනය කිරීමේ දෙදින වැඩසටහනක් පසුගිය දා වත්තල පෙගාසස් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විනි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව,ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථාන යන ආයතන නියෝජනය කරමින් නිළධාරීන් මෙම වැඩසටහනට සම්බන්ධ විය.

Anticipetory action  2  Anticipetory action  5  Anticipetory action  7

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052