Media Awareness Programme 2023  renuka Hohel 2023-12-01 2රටේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමසහ ආපදා කළමනාකරණය පිළිබඳව තොරතුරු ග්‍රාමීය මට්ටම දක්වා ප්‍රචාරණය කිරීම තුළින් ආපදා අවදානම අවම කර ගැනීමට සහ ආපදා නිසා සිදුවන ජීවිත හා දේපළ හානි අවම කර ගැනීම මනා පිටුබලයක් ලැබේ. එබැවින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් රටතුළ විධිමත් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් පවත්වාගෙන යනු ලබන අතර මහජනතාව දැනුවත් කිරීම සිදු කරනු ලබයි. මීට සමගාමීව ආපදා පුර්ව සුදානම සහ අවදානම් අවම කරගැනීමේ දී මහජනතාවගේ වගකීම, ආපදා අවදානම් පුර්ව අනතුරු ඇවීමේ ක්‍රමවේද පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සහ අවදානම් අවම කිරීමේ ක්‍රියාවලිය තුළ මාධ්‍යයෙහි කාර්යභාරය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනෙරාල් සුදන්ත රණසිංහ මහතාගේ ප්‍රධානයත්වයෙන් පසුගිය දා කොළඹ රේණුකා හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.

ආපදා කළමනාකරණ ක්‍රමවේද සහ නෛතික පසුබිම, ආපදා කළමනාකරණයේදී මාධ්‍ය කාර්යභාරය පිළිබඳ සිද්ධාන්තික කරුනු සහ ආපදා සංනිවේදනයේ දී හා ප්‍රවෘත්ති වාර්තාකරණය තුළ මාධ්‍යවේදීන් මුහුණපාන ගැටලු සහ ඒවා අවමකර ගැනීම සදහා තොරතුරු සුළබවීම සහ මාධ්‍ය වෙත තොරතුරු ලබාගැනීමේ දී ආයතන අතර සම්බන්ධීකරණයක් ඇති කිරීම පිළිබඳව මෙහි දී අවධානය යොමු විය. එසේම නව මාධ්‍ය භාවිතා කිරීමේ දී තොරතුරු නිවැරදිතාව සහතික කිරීම සදහා ක්‍රමවේදයක් සකස් කිරීම මෙන්ම සමාජ මාධ්‍ය සහ සෙලියුලර් දුරකථන පුර්ව තොරතුරු හුවමාරු කරගැනීමේ වෙමලමක් වශයෙන් ආපදා අවදානම් තොරතුරු සංනිවේදනයේ දී භාවිතා කිරීම පිළිබදව සාකච්ඡාවට යොමු විය. එසේම ආපදා අවස්ථාවේ දී පමණක් නොව ආපදා පෙරසුදානම් ක්‍රියාවලිය තුළ මාධ්‍ය වෙත පැවරෙන කාර්යභාරය පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විසින් පෙන්වා දෙන ලදී. ආපදා සංනිවේදනයේ දී අවසාන පුද්ගලයා දක්වා ආපදා අවදානම් නිවේදනය යොමු කිරීමේ වැදගත් කම සහ දත්ත නොව තීරණ ගැනීමට හැකි තොරතුරු සංනිවේදනය කිරීමේ අවශ්‍යතාව අධ්‍යක්ෂ ජනෙරාල් විසින් තවදුරටත් අවධානරණය කරන ලදී.

 

ලෝක ආහාර වැඩසටහනේ සහ වර්ඩ්විෂන් ආයතනයේ මුල්‍ය දායකත්වය සහිතව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධාන කරන ලද මෙම වැඩසටහන සදහා මෙරට ක්‍රියාත්මක ප්‍රධාන මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතන නියෝජිතයින් සහභාගී විය.

 

Media Awareness Programme 2023  renuka Hohel 2023-12-01 4 Media Awareness Programme 2023  renuka Hohel 2023-12-01 11 Media Awareness Programme 2023  renuka Hohel 2023-12-01 14

Media Awareness Programme 2023  renuka Hohel 2023-12-01 36 Media Awareness Programme 2023  renuka Hohel 2023-12-01 53 Media Awareness Programme 2023  renuka Hohel 2023-12-01 5

Media Awareness Programme 2023  renuka Hohel 2023-12-01 46 Media Awareness Programme 2023  renuka Hohel 2023-12-01 47 Media Awareness Programme 2023  renuka Hohel 2023-12-01 48

Media Awareness Programme 2023  renuka Hohel 2023-12-01 50 Media Awareness Programme 2023  renuka Hohel 2023-12-01 52 Media Awareness Programme 2023  renuka Hohel 2023-12-01 60

 

 

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079