NEOP 2nd workshop  2ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම (2023-2028) යාවත්කාලීන කිරීම සඳහා වු වැඩමුළුවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල්ගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් මස 23 වන දින පැවැත්විණි.

ව්‍යයසන කළමනාකරණ පනත අනුව ජාතික හසිදි මෙහෙයුම් සැලැස්ම සකස් කිරීම සහ ව්‍යයසන අවස්ථාවක දී එය ක්‍රියාවට නැංවීම සදහා ව්‍යසන කළමනාකරණ සදහා වු ජාතික සභාවට සහාය දැක්වීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථායේ වගකීම කි. ආපදා අවස්ථාවක  දී ජාතික හදිසි සැලසුම අනුව පාර්ශවකාර ආයතන සම්බන්ධිකරණ කරමින් බලපෑමට ලක්වූ ජනතාවගේ ජීවිත සහ දේපළ සුරක්ෂිත කිරීම, සිදුවිය හැකි හානි අවම කිරීම, ආපදාවට ලක්වූවන්ගේ ශාරීරික සහ මානසික සෞඛ්‍ය තහවුරු කිරීම සහ අත්‍යවශ්‍ය සේවා සැපයීම් යාන්ත්‍රණය හැකි ඉක්මනින් යථාතත්වයට පත් කිරීම සදහා වන සම්බන්ධීකරණ යාන්ත්‍රණය ගොඩනැගීම ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම මගින් අපේක්ෂා කෙරේ.

එබැවින් ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම (NEOP) කාලානුරූපව සමාලෝචනය කිරීම සහ යාවත්කාලීන කිරීම හදිසි ආපදා අවස්ථා කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා අනිවාර්ය අවශ්‍යතාවය කි. 2023-2028 සදහා වන ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම (NEOP) සකස් කිරීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ලෝක ආහාර වැඩසටහනේ (WFP) මුල්‍ය දායකත්වය සහිතව මෙම වැඩමුළුව සංවිධානය කෙරිණ.

NEOP 2nd workshop  4 NEOP 2nd workshop  6 NEOP 2nd workshop  9

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052