Climate change Programme 2023-17  2

අධ්‍යක්ෂ ජනෙරාල්ගේ උපදෙස් පරිදි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්, ආපදා අවදානම් අවම කිරීමේ ක්‍රියාවලිය සඳහා කටයුතු කරන අතර තාක්ෂණික ආයතන සම්බන්ධීකරණය කරමින් ආපදාවලින් ජනතාව මුදවාගැනීම සදහා පුර්ව සුදානම් කිරීම සහ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන විවිධ ප්‍රජාවන් වෙත ලබාදීමේ කාර්යය නිරතුරුව සිදු කරනු ලබයි. එබැවින් ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය තුළ පුර්ව අනතුරු ඇගවීම් සිදු කරනු ලබන පාර්ශවකාර ආයතන වල යාවත්කාලීන වු තාක්ෂණික ක්‍රමවේද සම්බන්ධව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් වැඩමුළුවක් සංවිධානය කරන ලදී.

උක්ත තාක්ෂණික ආයතන පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රියාවලියේදීභාවිත කරන තාක්ෂණයන් සහ එම නිවේදන නිසි පරිදි ප්‍රජාව වෙත යොමු කිරීමට අදාළව කාලගුණ විද්‍යාත්මක හා සුනාමී ආපදා සම්බන්ධව පූර්ව අනතුරු ලබා දීම, භූ ගර්භ විද්‍යාත්මක ආපදා සම්බන්ධව පූර්ව අනතුරු ලබාදීම, ජල විද්‍යාත්මක ආපදා සම්බන්ධව පූර්ව අනතුරු ලබාදීම, භූ ගර්භ විද්‍යාත්මක ආපදා සම්බන්ධව පූර්ව අනතුරු ලබාදීම සහ න්‍යෂ්ටික හා විකිරණශීලී ආපදා සම්බන්ධව පූර්ව අනතුරු ඇඟවීම් හා හදිසි ප්‍රතිචාර දැක්වීමේ ක්‍රමවේද සහ මෙම ක්‍රමවේද තුළ නවීන තාක්ෂණික මෙවලම් භාවිතය සහ නව්‍යතා පිළිබඳව නිළධාරීන් දැනුවත් කිරීම මෙහි දී සිදු කෙරිනි.

අධ්‍යක්ෂ ජනෙරාල්ගේ උපදෙස් පරිදි ලෝක ආහාර වැඩසටහනේ මූල්‍ය දායකත්වයෙන් දැනුවත් කිරීම් අංශය සහ හදිසි මෙහෙයුම් අංශයේ සම්බන්ධීකරණයෙන් උක්ත වැඩසටහන වැල්ලවත්ත රැඩිශන් (Radisson) හෝටලයේදී පැවැත් වූ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිළධාරීන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන රාජකාරී සදහා අනුයුත්ක කර ඇති ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් මෙම වැඩමුළුව සඳහා සහභාගී විය.

Climate change Programme 2023-17  3  Climate change Programme 2023-17  7  Climate change Programme 2023-17  10

Climate change Programme 2023-17  11  Climate change Programme 2023-17  12  Climate change Programme 2023-17  14

Climate change Programme 2023-17  13  Climate change Programme 2023-17  16  Climate change Programme 2023-17  17

Climate change Programme 2023-17  22  Climate change Programme 2023-17  21  Climate change Programme 2023-17  23

Climate change Programme 2023-17  26  Climate change Programme 2023-17  29 Climate change Programme 2023-17  31 

 

 

 

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052