WhatsAppImage2023-11-05

2004 වර්ෂයේදී අප රටට බලපෑ සුනාමි ව්‍යසනයෙන් වූ හානිය සිහිපත් කිරිම උදෙසා 2005 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩල සංදේශයක් අනුව සෑම වසරකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිත දිනය ලෙස නම් කර ඇත. එමෙන්ම 2015 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින්   සෑම වසරකම   නොවැම්බර් 05 වන දින " ලෝක සුනාමි දැනුවත් කිරීමේ දිනය "ලෙස නම් කර ඇත. මෙම වසරේදී ද එය ජාත්‍යන්තරව සැමරෙන අතර,“ ආපදා ප්‍රත්‍යස්ථික අනාගතයක් වෙනුවෙන් අසමානතාවය දුරලීම සඳහා පෙරසුදානම” (Fighting Inequality for a Resilience Future) මෙම වසරේ තේමාව වේ.

සුනාමි ව්‍යවසනයෙහි අවදානම අවම කිරීම වෙනුවෙන් කටයුතු කිරීම ඉතා වැදගත් වගකීමක් බැවින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අඛණ්ඩව ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටී. එහිදී මෙම වසර තුළද යුනෙස්කෝ ආයකතනයට අනුබද්ධ වූ ඉන්දියානු සාගර කලාපයේ සුනාමි පූර්ව අනතුරු ඇගවීම් ලබාදීම සම්බන්ධව පිහිටුවා ඇති ජාත්‍යන්තර ආයතනය (ICG/IOTWMS) සමඟ පසුගිය තෙමස තුළදී IOWave 23 අන්තර් ජාතික අභ්‍යාසය‍ ඔක්කෝම්බර් 04 වන දින රටෙහි වෙරළබඩ සුනාමි අවදානම් දිස්ත්‍රික්ක තුනක් මූලික කරගනිමින් එම දිස්ත්‍රික්ක තුනෙහි ග්‍රාමීය, පාසල්, හා ධීවර යන ප්‍රජාවන් ඉලක්ක කොටගෙන සුනාමි පෙරහුරු අභ්‍යාසයන් හා දැනුවත් කිරිමේ වැඩසටහන් පවත්වන ලදී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මෙම සුනාමි දැනුවත් කිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමිව ලංකාව පුරාම විසිරි ඇති සියලු බාලදක්ෂ කණ්ඩායම් 38 ක් සඳහා මාර්ගගත (Online) ක්‍රමය හරහා සුනාමි ආපදා දැනුවත් කිරීමේ වැඩඩසටහනක් 2023.11.04දින පවත්වන ලදී එමෙන්ම ග්‍රාමීය ප්‍රජාවගේ ආපදා අවදානම අවම කිරීමේ ක්‍රියාවලියට පුහුණු කරුවන් ලෙස බාලදක්ෂ කණ්ඩායම් යොදා ගැනීමේ මුලික වැඩපිළිවෙලක් මේ වන විට සංවිධානය කරමින් පවතී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මෙම වසරේදී නොවැම්බර් 05 දිනය ඉරිදා දිනයක් වන බැවින් සුනාමි අවධානමට ලක්වන ප්‍රජාව දැනුවත් කිරීමට සුදුසු දැනුවත් කිරීමේ වැඩසටහන් අදාළ පාර්ශවකාර ආයතන එක්ව 2023.11.05 දින හා 06 දිනයන් හිදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. දරුවන් දහම් අධ්‍යාපනය සඳහා පන්සල්, කෝවිල් හා පල්ලි යන ආගමික මධ්‍යස්ථාන වෙත පැමිණෙන බැවින් මෙම සුනාමි දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා එම ස්ථාන යොදා ගැනීමට ද අවදානය යොමු කර ඇත.

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052