Monaragala media programmeආපදා කළමනාකරණ යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම සහ ජනතාවට තොරතුරු ලබාදීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සම්බන්ධ කර ගැනීමේ මොනරාගල දිස්ත්‍රික් වැඩසටහන දිස්ත්‍රික් අතිරේක ඩබ්ලිව්. ඒ ධර්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් 2018.06.26 දින මොනරාගල වික්ටරි ඉන් හෝටලයේ දී පැවැත්විණි.

ආපදා කළමනාකරණය පිළිබදව තොරතුරු ග්‍රාමීය මට්ටම දක්වා ප්‍රචාරණය කිරීම, ආපදා අවදානම අවම කර ගැනීමට සහ ආපදා නිසා සිදුවන ජීවිත හා දේපළ හානි අවම කර ගැනීම සහ රටේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා ජනතාව දැනුවත් කිරීම මෙම වැඩ වැඩසටහනේ අරමුණ වේ. ආපදා කළමනාකරණය පිළිබදව නිවැරදි දත්ත සහ තොරතුරු ග්‍රාමීය මට්ටම දක්වා ප්‍රචාරණය කිරීම සදහා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සෘජුව සම්බන්ධ කර ගැනීමේ කාර්ෂයක්ෂම ක්‍රමවේදයක් සකස් කිරීමේ අභිප්‍රාය ඇතිව ආපදා කළමනාකරණය පිළිබදව ප්‍රාදේශිය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුලු දීපව්‍යාප්තව පවත්වනු ලැබේ.

ආපදා සංනිවේදනයේ දී පුර්ව දැනුවත් කිරීම් සහ සත්‍ය දත්ත සහ තොරතුරු ජනතාවට ලබාදීම තුළින් ආපදාවලින් සිදුවන ජීවිත සහ දේපල හානි වළක්වා ගැනීමත් මිනිස් ක්‍රියාකාරකම් කිරසර ආකාරයෙන් සිදුකිරීමට ජනතාව දැනුවත් කිරීමත් මෙම වැඩමුලු පැවැත්වීම තුළින් බලාපොරොත්ත්වේ. එසේම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමග ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සෘජුව සම්බන්ධ කරගැනීම සහ ඉදිරියේ දී ඇතිවිය හැකි අවදානම පිළිබදව පුර්ව දැනුවත් කිරීමේ ක්‍රමවේදය පිළිබදව සහ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබදව ජනතාවට තොරතුරු ලබාදීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම සදහා වු වැඩපිළිවෙළක් මෙම වැඩසටහනට ඇතුලත් වේ.

ආපදා කළමනාකරණය පිළිබද තාක්ෂණික ඉදිරිපත් කිරීම් සහ ආපදා සංනිවේදනය පිළිබද සිද්ථාන්තික තොරතුරු සහිත දේශන මෙම එක්දින පුහුණු වැඩසටහනේ පළමු සැසියට ඇතුළත් විය. කාලගුණික හා දේශගුණික වෙනස්කම් හා ඒ ආශ්‍රිත සිදුවිය හැකි ආපදා සහ ඒවායෙන් සිදුවන ජීවිත සහ දේපල හානි අවම කරගැනීම සදහා ජනාතාව දැනුවත් කළ යුතු ආකරය පිළිබදව කාලගුණ විද්‍යාඥ කසුන් ලසන්ත පැස්කුවල් මහතා මාධ්‍යවේදීන් දැනුවත් කරන ලදී. නාය යෑම් කළමනාකරණය සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කාර්යභාරය පිළිබදව ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ (නායයෑම් හා පර්යේෂණ) චමින්ද මොරේමඩ මහතාගේ දේශනයට ඇතුලත් විය.

ආපදා සහන ලබාදිමේදී පවතින ප්‍රතිපත්ති සහ චක්‍රලේඛන ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ කාර්යභාරය පිළිබදව දිස්ත්‍රික් ආපදා සහනසේවා නිධාරී ඩී එම් සුදේශ් ජයරත්න මහතා විසින් ද ආපදා කළමනාකරණ ක්‍රමවේදය සහ ආපදා කළමනාකරණයේදි මාධ්‍ය කාර්යභාරය පිළිබදව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සුගත් දිසානායක මහතා විසින් ද දේශන පැවැත්වු අතර ආපදා සංනිවේදනයේ දී මාධ්‍ය කටයුතු කළ යුතු ආකාරය පිළිබද, ප්‍රවෘත්ති සංස්කරණය පිළිබදව ප්‍රායෝගික වැඩමුලුවක් පැවැත්විය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය යන ආයතනවල සම්පත් දායකත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම වැඩමුලුව සදහා මොනරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රාදේශීය මාධ්‍යවේදීන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිළධාරීන් මෙම අවස්ථාවට සහගාගීවිය.

දිස්ත්‍රික් මට්ටමින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ මීලග වැඩසටහන මහනුවර දිස්ත්‍රික්කයේ පැවැත්වේ.

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052