international day for disaster risk reduction 2023 6

ආපදා අවදානම් අවමකිරීමේ සදහා වු ගෝලීය සංස්කෘතියක් නිර්මාණය කිරීම වෙන්වෙන් එක්සත් ජාතීන්ගේ මහා මංඩලය විසින් සෑම වර්ෂයකම ඔක්තෝබර් 13 වන දින ආපදා අවදානම් අවම කිරීම සදහා වු ජාත්‍යත්‍යන්තර දිනය ලෙස නම්කර ඇත. සාමුහිකත්වය තුළින් පමණත් අපට ලෝකය සුරක්ෂිත කරගත හැකියි වන තේමාව යටතේ සෑම වසරකම ආපදා අවදානම් අවම කිරීම සදහා වු ජාත්‍යන්තර දින සමරනු ලැබේ.

"සුරක්ෂිත අනාගතයකට අසමානතා දුරලමු"“සුරක්ෂිත අනාගතයකට තරුණ ජවය”යන තේමාව මුල් කරගනිමින් ආපදා අවදානම් අවම කිරීම සදහා වු ජාත්‍යන්තර දින සැමරුම් ජාතික වැඩසටහන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ සහ තරුණ සේවා සභාවේ පාඨමාලා හදාරණ කොළඹ දිස්ත්‍රික් තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් සහ ආපදා කළමනාකරණය සඳහා ආසියා පැසිෆික් සහයෝගීතාවයේ අනුග්‍රහයෙන් ආපදා කළමනාකරණ අංශ ප්‍රධාන ශාලාවේ දී පැවැත්විය.

 මෙම වැඩසටහන සදහා සහභාගී වූ තරුණ තරුණියන් හට ආපදා අවදානම් අවම කිරීම සදහා වු ජාත්‍යන්තර දින සැමරුම් ජාතික වැඩසටහන සහභාගීත්වය වෙනුවෙන් සහතික පත් පිරීනැමීමට කටයුතු කරන ලදී. ස්වභාවික සහ මිනිසා ගේ සෘජු මැදිහත්වීම හේතුවෙන් ඇතිවන ආපදා නිසා අහිමි වන ජීවිත, ජීවනෝපාය මාර්ග, ආපදා අවදානම සහ හානි අවම කිරීම සදහා ලොව අනුගමන කර ඇති ක්‍රියාමාර්ග වල ප්‍රගතිය පිළිබදව ලෝක අවධානය යොමු කිරීමට ඇති අවස්ථාවක් ලෙස ආපදා අවදානම අවම කිරීමේ ජාත්‍යන්තර දිනය වැදගත වේ. දිළිඳුකම, අසමානතාවය සහ වෙනස් කොට සැලකීම ආපදා අවදානම වර්ධනය කිරීමට හේතුවන අතර අසමානතාවය මිනිසුන් විපත්තිවලට නිරාවරණකර තවදුරටත් අවදානම තීවුර කරයි. දුප්පත්ම අසමානතාවය දුරුකිරීම තුළින් ආපදා අවදානම් කලමනාකරණ ඉලක්ක ජයගැනීමසදහා සියලු සාමාජික රටවල් කටයුතු කළ යුතු බව ආපදා අවදානම් කළමනාකරණය සාදහා වන එක්සත් ජාතීන්ගේ කාර්යාලය මෙවර ආපදා අවදානම් අවම කිරීම සදහා වු ජාත්‍යන්තර දින වෙනුවෙන් නිතුත් කර ඇති නිවේදනයේ සදහන් කර ඇත.

එසේම වර්තමාන දේශගුණික ප්‍රක්ෂේපණයන් අනුව 2030 වන විට වසරකට ලෝකය ආපදා 560 කට පමණ මුහුණ දෙනු ඇති බවත් 2030 වන විට දේශගුණික විපර්යාස සහ ව්‍යසනවල බලපෑම් හේතුවෙන් තවත් මිලියන 37.6 ක ජනතාවක් අන්ත දරිද්‍රතාවයේ තත්ත්‍වයේ ජීවත් වනු ඇතැයි ද ඇස්තමේන්තු කර ඇත. එබැවින් අසමානුපාතිකව නිර්මාණය වී ඇති ආපදා බලපෑම් සහ නිරාවරණයන් වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමත් ඔරොත්තුදීමේ හැකියාව ගොඩනැගීමේ සැලසුම් සහ තීරණ ගැණීමේ ක්‍රියාවලිය සදහා අවශ්‍ය දත්ත රැස්කිරීම විශාල ආයෝජන අවශ්‍ය බව එම නිවේදනයේ තවදුරටත් පෙන්වා දී ඇත.

 

 international day for disaster risk reduction 2023 1 international day for disaster risk reduction 2023 5  international day for disaster risk reduction 2023 8

international day for disaster risk reduction 2023 11  international day for disaster risk reduction 2023 12  international day for disaster risk reduction 2023 13  international_day_for_disaster_risk_reduction_2023_14.jpg  international_day_for_disaster_risk_reduction_2023_17.jpg  international day for disaster risk reduction 2023 15

 

 

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079