ආපදා කළමනාකරණ ක්රමවේදය පිළිබඳව හා ගැටඵ පිළිබඳව නවක පළාත් පාලන නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා ඌව පළාත් සභා ශ්රවණාගාරයේදී පැවැත්විණි.
පළාත් පාලන නිලධාරින්ට අයත් රාජකාරී භූමිකාව ආශ්රයෙන් ඔවුන්ගේ වගකීම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ අතර ප්රදේශයේ ජනතාව මුහුණ දෙන හදිසි ආපදා සහ ඒවා කළමනාකරණය කිරීමේ දී මුහුණ දීමට සිදු වන අභියෝග පිළිබඳවත් නවක නිලධාරීන් දැනුවත් කරන ලදී.
ප්රදේශයේ ජනතාව හා දේපල හදිසි ආපදා තත්ත්වයන්ගෙන් ආරක්ෂා කර ගනිමින් ඔවුනට කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් ලබා දීමේ අරමුණින් බදුල්ල දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකය මගින් ක්රියාත්මක කරන ලද මෙම විශේෂ දෙදින දැනුවත් කිරීමේ වැඩසටහනේදී, බදුල්ල දිස්ත්රික් ලේකම්, ඌව පළාත් පාලන කොමසාරිස් ආපදා බදුල්ල ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂ හා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ දිස්ත්රික් නිළධාරී ඇතුඵ තවත් පිරිසක් විශේෂ දේශන පවත්වන ලදී.