DSC 8348

 ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ හදිසි මෙහෙයුම් ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම සදහා ඇමරිකා එක්සත් ජනපද වන සංරක්ෂණ සේවාවෙහි (USFS) තාක්ෂණික දායකත්වය සහිතව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) මුල්‍ය දායකත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලැබු සිද්ධි විධාන පද්ධති (Incident Command System-ICS)පිළිබද එක්දින වැඩමුළුව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID)ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය වැඩසටහන් නිලධාරි ඩස්ටින් ෂියාවු මහතාගේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේ දී 14 දින පැවැත්විණි.

ඇමරිකා ඒක්සත් ජනපද වන සංරක්ෂණ සේවාව විසින් වනාන්තර ගිණි කළමනාකරණ කිරීම සදහා හදුන්වාදුන් සිද්ධි විධාන පද්ධති (Incident Command System) කළමනාකරණ ක්‍රමවේදය ආපදා අවදානම් කළමනාකරණය සදහා යොදාගැනීමට පවතින ශක්‍යතාවය පිළිබඳවත් හදිසි ආපදා අවධානම් කළමනාකරණ ක්‍රියාවලිය තුළ ICS භාවිතා කරන ආකාරය පිළිබඳවත් මුලික දැනුම ලබාදීම හා මෙම ක්‍රමවේදය ශ්‍රී ලංකාවේ හදිසි ආපදා කළමනාකරණය සදහා යොදාගැනීමේ ශක්‍යතාවය පිළිබඳව ශක්‍යතාව අධ්‍යයනය කිරීම මෙම වැඩසටහනනේ අරමුණ විය.

ඇමරිකා එක්සත් ජනපද වන සංරක්ෂණ සේවාව(USFS) තුළ සිද්ධි විධාන පද්ධති (Incident Command System-ICS) විෂය විශේෂඥයින් වන ටින් මැක් ශෙරී, (Tin Mc Sherry) විකී ක්ලේ (Vicki Clay) සහ බලාජි සිං (Balaji Singh) යන මහත්ම මහත්මීන් විසින් මුලික දේශන පැවැත්වූ අතර ඇමරිකා එක්සත් ජනපද වන සංරක්ෂණ සේවාව(USFS) වැඩසටහන් කළමනාකරු මැට් ගෙන්ඩ්‍රොන් (Matt Gendron) මහතා විසින් වැඩසටහන මෙහෙයවන ලදී.

ආපදා අවදානම් කළමානාකරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සදහා කලාපීය රටවලට සහයෝගය දැක්වීම තුළින් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සදහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID)අවශ්‍ය සහයෝගය ලබාදෙන බවත් ඒතුලින් කලාපයේ ජනතාව හසිදි තත්වයක දී ගලවාගැනීම සදහා වන ප්‍රතිචාර දැක්වීම් කාර්යක්ෂම කළහැකි බව ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය වැඩසටහන් නිලධාරි ඩස්ටින් ෂියාවු මහතා මෙහි දී පැවසීය.

ශ්‍රී ලංකාවේ ආපදා අවදානම් කළමනාකරණ සදහා සිද්ධි විධාන පද්ධති (Incident Command System) කළමනාකරණ ක්‍රමවේදය යොදාගැනීම සදහා වු ක්‍රමවේදය සකස් කිරීම සහ අවශ්‍ය දැනුම ලබාදීම සදහා ඇමරිකා එක්සත් ජනපද වන සංරක්ෂණ සේවාවෙහි(USFS) තාක්ෂණික සහයෝගය බලාපොරොත්තු වන බවත් පුහුණු කරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් තුළින් මෙම දැනුම ජාතික මට්ටමේ සිට ප්‍රාදේශීය මට්ටම දක්වා ලබාදීය හැකි බවත් ඒ් තුළින් සිද්ධි විධාන පද්ධති (Incident Command System) කළමනාකරණ ක්‍රමවේදය ශ්‍රී ලංකාවට ගැළපෙන ආකාරයට අනුගත කර ගත හැකි බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල් මෙම අවස්ථාවේ අදහස් දක්වමින් පැවසීය.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතන නිළධාරීන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිළධාරීන්, ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ කටයුතු කරන රාජ්‍ය අංශයේ පාර්ශවකාර ආයතතන, ත්‍රිවිධ හමුදාව‚ එක්සත් ජාතීන්ගේ අනුබද්ධ ආයතන නියෝජිතයින් ඇතුළු රාජ්‍යය නොවන සංවිධාන නියෝජිතයින් පිරිසක් මෙම වැඩමුළුවට සහභාගී විය.

ICS Workshop 2023  3 ICS Workshop 2023  7 ICS Workshop 2023  9

ICS Workshop 2023  6 ICS Workshop 2023  10ICS Workshop 2023  13

 ICS Workshop 2023  14 ICS Workshop 2023  18 ICS Workshop 2023  17

ICS Workshop 2023  12 ICS Workshop 2023  41 DSC 8443

ICS Group

 

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052