IOwave 2023 Stakeholder Awareness meting 01 14සුනාමි ආපදාවක දී ජනතාවගේ ජීවිත සුරක්ෂික කිරීම වෙනුවෙන් ඉන්දියානු සාගර කලාපයේ රටවල් ඒකාබද්ධව ඉන්දියානු සාගර කලාපයේ සුනාම් අනතුරු ඇගීමේ පද්ධතිය විසින් (Indian Ocean Tsunami Warning System.(IOTWS) සංවිධානය කරනු ලබන වාර්ෂික ඉන්දියානු සාගර කලාපීය සුනාමි ආපදා පෙරහුරු වැඩසටහන එළබෙන ඔත්කෝබර් මස පැවැත්වීමට සංවිධානය කර ඇත. මෙම කලාපීය පෙරහුරු වැඩසටහනට සම්බන්ධ වන කලාපීය රටක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ මෙම වැඩසටහනට පැවැත්වෙන ආකාරය පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීමේ වැඩසටහනක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජනෙරාල් සුදන්ත රණසිජහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනයේ දී අද දින (28) පැවැත් විය.

සුනාමි ආපදා පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේදවල පවතින කාර්යක්ෂමතාව පරීක්ෂාකිරීම, ආපදා අනතුරු ඇගවීමක දී ප්‍රතිචාර දැක්වීම සහ ආරක්ෂිත ස්ථාන කරායාම සඳහා ගතවන කාලය පිළිබඳ ඇඟැයීමට ලක්කිරීම, පුර්ව අනතුරු ඇඟවීම නිවේදනය කිරීමේ දී වඩාත් කාර්ක්ෂම සහ යෝග්‍ය සංනිවේදන ක්‍රමෝපායන් හදුනාගැනීම, සංනිවේදන පද්ධතිවල පවතින අඩුපාඩු, අතපසුවීම් සහ දුර්වතා මගහරවා ගැනීම, සුනාම් ආපදාවක දී ඉන්දීය සාගර කලාපීය රටක් වශයෙන් අප රටෙහි ඇති පුර්ව සුදානම පරීක්ෂා කිරීම, ආපදාවකදී ප්‍රතිචාර දැක්වීම සහඳා මහජනතාව හුරුකරවීම, ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ කටයුතු කරන පාර්ශවකාර ආයතන ධාරිතාව පරීක්ෂා කිරීම මෙම ඒකාබද්ධ පෙරහුරු වැඩසටහන තුළින් පරීක්ෂා කෙරේ.

ගංවතුර, නායයාම් මෙන් නොව සුනාමි ආපදාවක් සිදුවීම ඉතා දුලබවුව ද සුනාමි හේතුවෙන් අප රටේ ජනජීවිතයට දැඩි බලපෑමක් ගෙන දෙන බැවින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් පසුගිය දශක දෙකක කාලය තුළ සුනාමි ආපදා අවදාන අවම කිරීම වෙනුවෙන් ජාතික සැලසුම්, ආයතනික සැලසුම් මෙන්ම සුනාමි ආපදා පෙරසුදානම් සැලසුම්, සුනාමි සම්මත මෙහෙයුම් පටිපාටි (SOP) සකස් කර ඇති බව මෙහිදී අධ්‍යක්ෂ ජනෙරාල් විසින් පෙන්වා දෙන ලදී.

එසේම සුනාමි පෙරහුරු වැඩසටහන්, සුනාමි ආපදා අවදානම් කලාපවල ජීවත්වන ජනතාව දැනුවත් කිරීමවාර්ෂිකව පැවැත්වීම, සුනාමි පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේද ශක්තිමත් කිරීම සිදු කළ යුතු බවත් මෙම ක්‍රියාකාරකම් නිරන්තරයෙන් පරීක්ෂා කිරීම වාර්ෂිකව සිදු කිරීම තුළින් සැබෑ අවදානම් අවස්ථාවක දී කටයුතු කිරීම තුළින් ධාරිතාය වර්ධනය කිරීමේ වැදගත්කම පෙන්වා දෙන ලදී. එසේ උවද සුනාමි ආපදා අවස්ථාවක දී  උගත් දේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට නොහැකි වන්නේ නම් සිදුවිය හැකි හානිය අවම කර ගැනීමට අපහසු බව පෙන්වා දෙන ලදී. එනිසා නිරන්තරයෙන්දැනුම යාවත්කාලිනවීම සහ ප්‍රායෝගික පුහුණුව මෙන්ම ජනතා අවදානම මේ පිළිබව යොමු කරවීමේ අවශ්‍යතාව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තවදුරටත් පෙන්වා දෙන ලදී.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුබද්ධ ආයතන සහ රාජ්‍ය නොවන සංවිදාධන නියෝජිතයින් ඇතුලු අපදා කළමනාකරණ ක්‍රියාවලිය හා සම්බන්ධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන පාර්ශවකාර ආයතන නියෝජිතයින් මේ අවස්ථාවට සම්බන්ධ විය.

IOwave 2023 Stakeholder Awareness meting 01 9 IOwave 2023 Stakeholder Awareness meting 01 10  IOwave 2023 Stakeholder Awareness meting 01 12

IOwave 2023 Stakeholder Awareness meting 01 8 IOwave 2023 Stakeholder Awareness meting 01 13  IOwave 2023 Stakeholder Awareness meting 01 5

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052