කුරුණෑගල මාස්පොත ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළගින් සිදු වූ නිවාස හානි පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා හා සහන සැලසීම සඳහා 2018.06.10 වන දින වාරි මාර්ග ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යය දුමින්ද දිසානායක අමාත්‍යතුමා කුරුණෑගල වැවගෙදර සහ උඩුබද්දාව යන ප්‍රදේශය වල නිරීක්ෂණ චාරිකාවක නිතර විය. පසුගිය 09 වනදා අඵයම හමා ගිය මෙම දැඩි සුළඟින් මාස්පොත, උඩුබද්දාව, වාරියපොල, ගනේවත්ත, අලව්ව හා කොබෙයිගනේ ඇතුඵ ප්‍රදේශ රැසක පවුල් 263 කට පුද්ගලයින් 842ක් ආපදාවට ලක්ව ඇත. මේ හේතුවෙන් නිවාස 05 ක් පුර්ණ වහයෙන් හානියට ලක්වී ඇති අතර අර්ධ වශයෙන් හානි සිදුවු සංඛ්‍යාව 258 ක් වේ.

මෙහිදී ආපදාවන්ට ලක්ව ඇති නිවාස නිරීක්ෂණය කළ අමාත්‍යතුමන්, එම නිවාස ප්‍රතිසංස්කරණය කිරීමේ මූලික වැඩකටයුතු වෙනුවෙන් රුපියල් 10,000.00 ක වන්දි මුදලක් ප්‍රදානය කිරීමටද කටයුතු කරන ලද අතර ජනතාව සඳහා අවශ්‍යය සනීපාරක්ෂක උපකරණ නිවාස තාවකාලිකව ආවරණය කර ගැනීම සඳහා ආවරණ ප්‍රදානය කිරීමටද කටයුතු කරන ලදී.
සිදුවූ ආපදා තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යතුමන් පවසා සිටියේ රජයක් ලෙස කිසිඳු බේදයකින් තොරව දේශපාලන අධිකාරිය මෙන්ම සියලු රජයේ නිළධාරීන්, යුධ හා නාවික හමුදා නිලධාරීන්, ස්වේච්ජා සංවිධාන හා රාජ්‍යය නොවන සංවිධානයන්හි එකමුතුවෙන් සිදු කරන ලද නිවාස ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මගින් ක්ෂණිකව මෙම ප්‍රදේශයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට හැකිවූ බවයි. මෙම අවස්ථාවට වාරි මාර්ග ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052