සුනාමි ආපදා තත්ත්වයක දී සිවිල් මහජනතාව ආරක්ෂිතව ඉවත් කිරීම සහ බාහිර පුද්ගයින් එම ප්‍රදේශවලට ඇතුලුවීම වැළැක්වීම සදහා ඇති සුදානම පිළිබඳ සමාලෝචන රැස්වීම

Seal off plan 1සුනාමි ආපදා අවදානම් සහිත මුහුදු බඩ දිස්ත්‍රික්කවල ජීවත් වන මහජනතාව සුනාමි ආපදා තත්ත්වයක දී ආරක්ෂිතව ඉවත් කිරීම සහ බාහිර පිරිස් එම ප්‍රදේශවලට ඇතුලුවීම වැළැක්වීම සදහා එම ප්‍රදේශවල ආරක්ෂාව භාරව කටයුතු කරන යුද්ධ හමුදා ආරක්ෂක සේනා මුලස්ථාන, ගුවන් සහ නාවික හමුදා‍ව, පොලීසිය සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතන වල පවතින ආයතනික සැලසුම් පිළිබඳ සාමාලෝචන රැස්වීමක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ශ්‍රවනාගාරයේ දී අද දින (07) පැවැත්විනි.

සුනාමි ආපදාවක් ඇතිවීමට පවතින සම්භාවිතාව ඉතා අඩුවුව ද දුපතක් වශයෙන් අප රටට සුනාම් ආපදාවක් හේතුවෙන් සිදුවිය හැකි හානිය අතිමත් බවත් සුනාමි ආපදාකවක් පිළිබඳව කිසිවෙකුට අනාවැකි ඉදිරිපත් කළ නොහැකි බවත් ඉතා කෙටිකලකින් වුව ද සුනාම් ආපදාවක් ඇතිවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල් පෙන්වා දෙන ලදී. සුනාමි තත්ත්වයක් නුදුරු අනාගතයේ ඇතිවුව ද තව වසර සියයකින් ඇතිවුව ද සුනාමි ආපදා පෙරසුදානම තහවුරු කරගැනීම ඉතා වැදගත් බව මෙහි දී තවදුරටත් පෙන්වා දෙන ලදී. අධ්‍යක්ෂ ජනෙරාල්වරයා මේ අදහස් පළකරන ලද්දේ සුනාමි ආපදා අවදානම් සහිත මුහුදු බඩ දිස්ත්‍රික්කවල ජීවත් වන මහජනතාව සුනාමි ආපදා තත්ත්වයක දී ආරක්ෂිතව ඉවත් කිරීම සහ බාහිර පිරිස් එම ප්‍රදේශවලට ඇතුලුවීම වැළැක්වීම සදහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති සැලසුම් පිළිබඳ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පැවති සමාලෝචන රැස්වීමට සහභාගී වූ නිලධාරීන් අමතමිනි.

සුනාමි ආපදා තත්ත්වයකට ගොදුරුවිය හැකි කලාපයේ ජීවත් වන ජනතාව සුනාමි ආපදා අවදානම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, සුනාමි ආපදා අවදානම් පුර්ව දැනුවත් කිරීමේ ක්‍රමවේද ස්ථාපිත කිරීම, පුර්ව අවදානම් දැනුවත් කිරීමේ නිවේදන අවදානම් කලාපයේ ජීවත් වන ජනතාව වෙත ලබා දීම සහ ආපදා අවදානම් කලාපයේ ජීවත් වන ජනතාව සුනාම් තත්ත්වයක දී සුරක්ෂිතව ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමේ සැලසුම් සකස් කිරීම සදහා අවධානය යොමු කළ යුතු බව තවදුරටත් පෙන්වා දෙන ලදී.

Seal off plan 6  Seal off plan 5  Seal off plan 2

 

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079