ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම (2023-2028) යාවත්කාලීන කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩමුළුව

 

111ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම (2023-2028) යාවත්කාලීන කිරීම සඳහා වු වැඩමුළුවක් ජුනි මස 23 වන දින වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලදාරි හෝටලයේ දී පැවැත්විණි.

 

ව්‍යයසන කළමනාකරණ පනත අනුව ජාතික හසිදි මෙහෙයුම් සැලැස්ම සකස් කිරීම සහ ව්‍යයසන අවස්ථාවක දී එය ක්‍රියාවට නැංවීම සදහා ව්‍යසන කළමනාකරණ සදහා වු ජාතික සභාවට සහාය දැක්වීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථායේ වගකීම කි. ආපදා අවස්ථාවක  දී ජාතික හදිසි සැලසුම අනුව පාර්ශවකාර ආයතන සම්බන්ධිකරණ කරමින් බලපෑමට ලක්වූ ජනතාවගේ ජීවිත සහ දේපළ සුරක්ෂිත කිරීම, සිදුවිය හැකි හානි අවම කිරීම, ආපදාවට ලක්වූවන්ගේ ශාරීරික සහ මානසික සෞඛ්‍ය තහවුරු කිරීම සහ අත්‍යවශ්‍ය සේවා සැපයීම් යාන්ත්‍රණය හැකි ඉක්මනින් යථාතත්වයට පත් කිරීම සදහා වන සම්බන්ධීකරණ යාන්ත්‍රණය ගොඩනැගීම ජාකික හදිසි මෙහෙයුම් සැලැස්ම මගින් අපේක්ෂා කෙරේ.

 

එබැවින් ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම (NEOP) කාලානුරූපව සමාලෝචනය කිරීම සහ යාවත්කාලීන කිරීම හදිසි ආපදා අවස්ථා කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා අනිවාර්ය අවශ්‍යතාවය කි. ඒ අනුව සියලු පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් 2023-2028 සදහා වන ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම (NEOP) සකස් කිරීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ලෝක ආහාර වැඩසටහනේ (WFP) මුල්‍ය දායකත්වය සහිතව මෙම වැඩමුළුව සංවිධානය කෙරිණ.

 

 

එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන,රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, රාජ්‍ය නොවන සංවිධාන පෞද්ගලික අංශය ඇතුලු ආපාදා අවස්ථාවක දී හදිසි ප්‍රතිචාර දක්වන පාර්ශවකාර ආයතන 2023-2028 ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම (NEOP) සමාලෝචනය කිරීමේ වැඩමුලුව සදහා සහභාගී විය.

 

NEOP revisited Workshop  Galadari 2023-06-23 23 NEOP revisited Workshop  Galadari 2023-06-23 24 NEOP revisited Workshop  Galadari 2023-06-23 27

NEOP revisited Workshop  Galadari 2023-06-23 7 NEOP revisited Workshop  Galadari 2023-06-23 9 NEOP revisited Workshop  Galadari 2023-06-23 12

NEOP revisited Workshop  Galadari 2023-06-23 13 NEOP revisited Workshop  Galadari 2023-06-23 15NEOP revisited Workshop  Galadari 2023-06-23 17

 

  

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079