කලුතර දිස්ත්‍රික්කයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සදහා පියවර

Kaluthara flood OL 2023 02මෙවර සාමාන්‍ය පෙළ විභාගය බාධාවකින් තොරව පවත්වා ගෙන යාම සදහා සකස් කරන ලද ආපදා පෙරසුදානම් සැළසුම අනුව සියලු දිස්ත්‍රික්ක තුළ ආපදා තත්වයන් නිසා ඇතිවන බාධා මගහැර ගනිමින් සාමාන්‍ය පෙළ විභාගය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සදහාවිභාග දෙපාර්තමේන්තුව සමග ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ප්‍රාදේශීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා සම්බන්ධීකරණ යාන්ත්‍රණයක්දිවයින පුරා ක්‍රියාත්මක කෙරිණි.

කලුතර දිස්ත්‍රික්කය තුළ පැවැති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දොඩංගොඩ, වලල්ලාවිට යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ වල විභාග මධ්‍යස්ථාන වෙත යාම සදහා ඇති ප්‍රවේශ මාර්ග ජලයෙන් යටවිය. මේ නිසා විභාගයට පෙනී සිටින සිසු දරුවන් සහ විභාග රාජකාරීවල යෙදෙන කාර්ය මංඩල සදහා ප්‍රවාහන දුෂ්කරතා මගහැරීම සදහා අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී.

ඉදිරි දින කීපය තුළ දී ද යම් ආපදාවතත්වයක් නිසා විභාගයට පෙනී සිටීමට බාධාවක් ඇති වී ඇති නම් ආපදා කළමාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 ඇමතීමෙන් ඔබට මුහුණ පෑමට සිදුවන බාධා මගහරවා ගැනීම අවශ්‍ය උපකාර ලබාගත හැකිය.

 

Kaluthara flood OL 2023 01 Kaluthara flood OL 2023

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052