Monsoon meetnig 2023-05-11  01ඉදිරියේ දී නිරිත දිග මෝසම් සක්‍රීයවීමත් සමග දිවයිනට බලපෑ හැකි ආපදා හානි අවම කර ගැනීම උදෙසා පූර්ව සූදානම් කටයුතු පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම හා සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහනක් ආපදා කළමනාකරණ මධ්‍යසථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාම මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි මස 11 වන දින දින ආපදා කළමනාකරණ අංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

මැයි මස අවසන් සතිය වන විට නිරිත දිග මෝසම් සක්‍රීය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු පුරෝකථනය කරයි. මෝසම් වර්ෂාව නිසා ඇතිවිය හැකි ආපදා හේතුවෙන් සිදුවිය හැකි හානිය අමව කර ගැනීම සදහා පාර්ශව කාර ආයතන වල පුර්ව සුදානම සොයා බැලීම සහ ඇතිවිය හැකි ආපදා අවදානම හැකිතාක් දුරට අවම කරලීම සදහා අවශ්‍යය කටයුතු සූදානම් කිරීම මෙම වැඩසටහ‍නේ මූලික අරමුණ විය.

මෙහිදී ඇති විය හැකි ආපදාවන් හා ඒ සඳහා මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව අදාල ආයතන හා පාර්ශවයන් දැනුවත් කළ අතර අදාල ආපදා තත්ත්වය ඳහා පූර්ව සූදානමින් සිට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමෙහි වැදගත්කම පිළිබඳව ද සාකච්ඡා විය. විශේෂයෙන්ම නිරිත දිල මෝසම් ආපදා අවදානම් දිස්ත්‍රික්කවල ආපදා අවදානම ඇතිකරනු ලබන හේතුවන කරුනු පිළිබද සොයා බලා ඒවා නිවැරදි කර ගැනීම සදහා මෙවර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අවධානය යොමු කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විසින් පෙන්වා දෙන ලදී.

වර්තමානය වන විට රට පුරා ඩෙංගු අවදානමක් පැතිර යම්න් පවතින බවත් ඒ නිසා මෝසම් වර්ෂාව සමග මෙම තත්වය තවදුරටත් වර්ධනය වීමේ අවධානයමක් පවතින බැවින් තමා ජීවත්වන වටපිටාව පිළිබදව වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඩෙංගු මර්ධන ඒකකය වෙනුවෙන් මේ අවස්ථාවට සහභාගී වු වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා පෙන්වා දෙන ලදී.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා රාජ්‍ය ආයතන රැසක නිලධාරින් සම්බන්ධ වූ අතර ත්‍රිවිධ හමුදා‚ රාජ්‍යය නොවන ආයතන හා පෞද්ගලික අංශය නියෝජනය කරමින් ආයතන රැසක නිලධාරීන් සහභාගී විය.

තාක්ෂණික ආයතන විසින් සිදුකරන ලද ඉදිරිපත් කිරීමේ පහතින් භාගත කර ගත හැකිය.

Monsoon meetnig 2023-05-11 2   Monsoon meetnig 2023-05-11 3   Monsoon meetnig 2023-05-11 4

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079