2023.03.07 Educational Programme for Undergraduate Student of NISD 5ජාතික සමාජ විද්‍යායතනයේ උපාධි හදාරණ උපාධි අපේක්ෂකයින් සදහා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීම මාර්තු 07 දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විනි. ආපදා අවදානම් අවම කිරිම් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රජාව දැනුවත් කිරිමේ ජාතික වැඩසටහන යටතේ මෙම දැනුවත් කිරීම සංවිධානය කරන ලදී.

විශ්වවිද්‍යාල ප්‍රජාව දැනුවත් කිරිමේ ජාතික වැඩසටහන යටතේ විශ්වවිද්‍යාල සිසුන් දැනුවත් කිරීම, පර්යේෂණ අවස්ථා ලබාදීම හා සිදු කරනු ලබන පර්යේෂණ සදහා අවශ්‍ය තොරතුරු ලබාදීම, පුස්තකාල පහසුකම් සැලසීම මෙන්ම තෝරාගත් අංශ ඔස්සේ ප්‍රායෝගික පුහුණු අවස්ථා ලබාදීම තුළින් ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය තුළ කටයුතු කිරීමට බලාපොරොත්තු වන විශ්වවිද්‍යාල සිසුන්ගේ දැනුම හා කුසලතාව වර්ධනය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරනු ලබයි.

ජාතික සමාජ විද්‍යායතනයේ උපාධි හදාරණ සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන යටතේ විෂය නිර්දේශය ආවරණය වන ආකාරයෙන් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කාර්යභාරය, ආපදා අවදානම් කළමනාකරණය සදහා ගෝලීය වශයෙන් පවතින රාමුගත වැඩසටහන් සහ ශ්‍රී ලංකාව එබඳු වැඩසටහන් හා සම්බන්ධ වී කටයුතු කරන ආකාරය, ආපදා කළමනාකරණය කරගැනීමේ දී හදිසි මෙහෙයුම් මැදිරි ක්‍රියාකාරීත්වය, පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේද මෙන්ම ආපදා අවස්ථාවක දී ඒ පිළිබඳ තොරතුරු දැනගැනීම සහ මහජනතාවට අපාදවක් පිළිබදව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක 117 ආපදා කළමානාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් මැදිරි ක්‍රියාකාරීත්වය පිළිබදව ප්‍රායෝගික දැනුම ලබාදීම මෙම පුහුණු වැඩසටහනට ඇතුලත් විය.

2023.03.07 Educational Programme for Undergraduate Student of NISD 3  2023.03.07 Educational Programme for Undergraduate Student of NISD 2  2023.03.07 Educational Programme for Undergraduate Student of NISD 12

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052