Scenario Based Trainig Handbook Launching 2023 2

බහු ආපදා හදිසි තත්වයක දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සෞඛ්‍ය අංශ නිළධාරීන් පුහුණු කිරීම සදහා සිද්ධි අධ්‍යයන පාදක පුහුණු වැඩසටහන් වෙනුවෙන් සකස්කරන ලද පුහුණු අත්පොත එලිදැක්වීම පසුගිය දා කින්ස්බරි හෝටයේ දී වන දින පැවැත් විනි.

පළමු ප්‍රතිචාර දක්වන කණ්ඩායමක් වශයෙන් සෙඛ්‍ය අංශ බහු ආපදා හදිසි තත්වයක දී කටයුතු කළ යුුතු ආකාරය පිළිබඳව මනා පුහුණුවක් ලබාදීම අරමුණු කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙරසුදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ ඒකකය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, සෞඛ්‍ය අමාත්‍යාශය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, සර්වෝදය සහ ලෝක ආහාර සංවිධානයේ තාක්ෂණික දායතක්වයෙන් මෙම සිද්ධිපාදක පුහුණු මොඩියුලය සකස් කර ඇත.

බහු ආපදා හදිසි තත්වයක දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සෞඛ්‍ය අංශ නිළධාරීන් පුහුණු කිරීම සදහා සිද්ධි අධ්‍යයන පාදක පුහුණු වැඩසටහන් වෙනුවෙන් සකස්කරන ලද පුහුණු අත්පොත එලිදැක්වීමට සමගාමීව පැවති විද්වත් සාකච්ඡාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා සහභාගී වු අතර හදිසි ආපදා තත්වයක දී සෙවීම් හා මුදවාගැනීම් ඇතුලුව පළමුව ප්‍රතිචාර දැක්වීම සදහා වන පෙරසුදානම විපතට පත් ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සදහා ඉවහල්වන බැවින් එම කණ්ඩායම් පුහුණු කිරීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩි අවධානයක යොමු කර ඇති බව පෙන්වා දෙන ලදී.

එසේම එම කාර්ය සාර්ථක කරගැනීමේ දී පාර්ශවකාර ආයතන සමග සහයෝගීතාවයෙන් කටයුතු කිරීමත් රාජ්‍ය, පෞද්ගලික සහ රාජ්‍ය නොවන ආයතන සම්බන්ධීකරණයෙන් යුතු මෙවැනි සහයෝගීතා වැඩ සටහන් තුළින් මෙම කාර්යභාරය තවදුරටත් කාර්යක්ෂම කරගත හැකි බව අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් පෙන්වා දෙන ලදී.

එසේම ආපදා අවස්ථාවක දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සෞඛ්‍ය අංශ නිළධාරීන් පුහුණු කිරීම සදහා සිද්ධි අධ්‍යයන පාදක පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළින් ආපදාවක දී පළමුව ප්‍රතිචාර දක්වන්නන් වශයෙන් ආපදා අධි අවදානම් කලාපයෙහි සියලු සෞඛ්‍ය අංශ පුහුණු කිරීමේ වැදගත් කම පෙන්වා දෙන ලදී.

Scenario Based Trainig Handbook Launching 2023 1  Scenario Based Trainig Handbook Launching 2023 6  Scenario Based Trainig Handbook Launching 2023 7 

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052