Awareness Programme for Colombo International School 17කොළඹ ජාත්‍යන්තර පාසලේ සිසුන් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීම පෙබරවාරි 15 සහ 16 යන දිනවල දී ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී සිදු කෙරිනි. ආපදා අවදානම් අවම කිරිම් සම්බන්ධයෙන් පාසල් ප්‍රජාව දැනුවත් කිරිමේ ජාතික වැඩසටහන යටතේ දීපව්‍යාප්තව පාසැල් සිසුන් දැනුවත් කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරනු ලැබේ. පාසල් විෂය නිර්දේශය ආවරණය වන ආකාරයෙන් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳව න්‍යායාත්මක දැනුම ලබාදීම මෙන්ම ප්‍රායෝගි ක්‍රියාකාරීත්වය පිළිබඳව සිසුන් දැනුවත් කිරීම පාසල් ප්‍රජාව දැනුවත් කිරිමේ ජාතික වැඩසටහනේ මුලික අරමුණ වේ.

ඒ අනුව ආපදා කළමනාකරණ ක්‍රියාවලිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කාර්යභාරය, ශ්‍රී ලංකාව මුහුණපාන ස්වාභාවික ආපදා, හදිසි මෙහෙයුම් මැදිරි ක්‍රියාකාරීත්වය, පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේද, හදිසි මෙහෙයුම් මැදිරියේ ක්‍රියාකාරීත්වය පිළිබදව මෙන්ම ආපදා අවස්ථාවක දී තොරතුරු දැනගැනීම හා ආපදා අවස්ථාවක දී මහජනතාවට ඒ පිළිබද දැනුවත් කිරීම සදහා ක්‍රියාත්මක 117 ආපදා කළමානාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් මැදිරි ක්‍රියාකාරීත්වය පිළිබදව ප්‍රායෝගික දැනුම ලබාදීම මෙම පුහුණු වැඩසටහනට ඇතුලත් විය.

School Awareness Programme- 16-02-2023 Awareness Programme for Colombo International School 12   Awareness Programme for Colombo International School 26

 

මේ අවස්ථාව ආවරණය කරන ලද ඡායරූප https://www.facebook.com/dmc.gov.lk/ පළකර ඇත.

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052