අයහපත් කාළගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාවගේ අවශ්‍යතා සොයා බැලීම සදහා වාරිමාර්ග ජල කළමනාකරණ සහ ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමන් කොලොන්නාව සහ කැලණිය ප්‍රදේශවල නිරීක්ෂණ සංචාරයක නිරත විය.


මෙහි දී ජනතාවගේ අවශ්‍යතා සොයා බලා කඩිනමින් අවශ්‍ය පියවර ගැනීමට අදාල උපදෙස් ලබාදීම සිදු කළ අමාත්‍යවරයා (24) ඊයේ දින ගංවතුර ආපදා හේතුවෙන් අවතැන් වී සිටින කැළණිය හා කොළොන්නාව ප්‍රදේශවල ජනතාව වෙත ගොස් අවශ්‍යතා සොයා බැලීම ද සිදු කරන ලදී. එසේම මෙහිදී ආමාත්‍යවරයා රාජ්‍ය නිළධාරීන් සමග ආපදාවට මුහුණ දී ඇති ජනතාවට අවශ්‍ය සහන සැලසීම මෙන්ම දැනට පවතින ගැටලු පිළිබඳව ද කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සාකච්ඡා කරන ලදී.
කොළඹ දිස්ත්‍රික් ලේකම්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ (හදිසි මෙහෙයුම්), ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානෙය් අධ්‍යක්ෂ ඇතුලු නිළධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.
‍මේ වන විට (25) කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 2307ක පුද්ගලයින් 9475ක් ආපදාවට ලක්ව ඇති අතර මෙම පිරිසෙන් දැඩි ලෙස හානියට ලක්වූ පවුල් 699 ට අදාල පුද්ගලයින් 3035 ක් දෙ‍ෙනක් ආරක්ෂිත ස්ථාන 30ක රදවා රදවා ඇත.

 

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079