Distribution Seach and Rescue Eqipment to Army 2023-02-12  11මානුෂීය කටයුතු පිළිබඳ ජාත්‍යන්තර සංවර්ධන කාර්යයන් පිළිබද ඇමරිකා එක්සත් ජනපද නියෝජිතායතනයේ සහ ආසියානු ආපදා පෙරසුදානම් මධ්‍යස්ථානය (ADPC) සහය ඇතිව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලබා දුන් සෙවීම් හා මුදවාගැනීම් සඳහා ගෝලීය වශයෙන් භාවිතා කරනු ලබන අති නවීන උපකරණ තොගයක් සිරියානු-තුර්කි භුමිකම්පාවෙන් විපතට පත්වුවන් සෙවීම්, මුදවාගැනීම් සහ සහන සැලසීම වෙනුවෙන් පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශේෂඥ කණ්ඩායමවලට භාවිතා කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා විසින් ගම්පොල පිහිටි ශ්‍රී ලංකා යුධ හමුදා මුලික ආපදා ප්‍රතික්‍රියා පුහුණු මධ්‍යස්ථානය වෙත භාරදිම අද දින (12) සිදු කරන ලදී.

මානුෂීය කටයුතු පිළිබඳ ජාත්‍යන්තර සංවර්ධන කාර්යයන් පිළිබද ඇමරිකා එක්සත් ජනපද නියෝජිතායතනයේ සහ ආසියානු ආපදා පෙරසුදානම් මධ්‍යස්ථානයේ (ADPC) සහය ඇතිව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ආපදා හදිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වර්ධනය කිරීමේ පුහුණු වැඩසටහනක් (PEER Programme) 2021 වර්ෂයේ සිට ආරම්භ කර ක්‍රියාත්මක කරමින් පවතී. මෙම පුහුණු වැඩසටහනට සමගාමීව රුපියල් මිලියන 17 ක පමණ වටිනාකමකින් යුතු සෙවීම් හා මුදවාගැනීම් සඳහා ගෝලීය වශයෙන් භාවිතා කරනු ලබන අති නවීන පුහුණු උපකරණ තොගයක් ආසියානු ආපදා පෙරසුදානම් මධ්‍යස්ථානය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලබා දෙන ලදී. ආපදා හදිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වර්ධනය කිරීමේ පුහුණු වැඩසටහන (PEER Programme) යටතේ පුහුණුව ලැබු යුධ හමුදා නිළධාරීන් ඇතුලත්ව ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂඥ කණ්ඩායමක් සිරියානු - තුර්කි භූමි කම්පාවෙන් විතට පත්වුවන් හට සහන සැලසීම සදහා පිටත්ව යාමට නියමිත අතර මෙම කණ්ඩායමේ රාජකාරි ඉටු කිරීමේ දී භාවිතා කිරීම සදහා කාණ්ඩ 47 කින් අයිතම 448 ක් ලබාදීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී.

මෙම පුහුණු වැඩසටහන යටතේ ආපදා ප්‍රතිචාර දැක්වීමේ දී ප්‍රජා ක්‍රියාකාරීත්වය (CADRE), විනාශයට පත් විශාල ඉදිකිරීම් ආශ්‍රිත සෙවීම සහ මුදාගැනීම්(CSSR), වෛද්‍ය ප්‍රථමාධාර සහ ප්‍රතිචාර(MFR), හදිසි අවස්ථා සඳහා රෝහල් සූදානම(HOPE) යන විෂය ධාරා ඔස්සේ ආපදාවකදී සෙවීම් හා මුදවා ගැනීම් සඳහා සක්‍රීය දායකත්වයක් දක්වන ත්‍රිවිධ හමුදාව, පොලීසිය, ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව ඇතුලු පාර්වකාර ආයතන නිළධාරීන් වාර්ෂිකව පුහුණු කිරීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සිදු කරනු ලැබේ.

Distribution Seach and Rescue Eqipment to Army 2023-02-12  10  Distribution Seach and Rescue Eqipment to Army 2023-02-12  7  Distribution Seach and Rescue Eqipment to Army 2023-02-12  1

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052