Air Force Officers Training Programme 2023-02-09 1මුලතිව් ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ ‍ ආපදා කළමනාකරණය සහ ප්‍රතිචාර දැක්වීම පිළිබද මුලික පුහුණු පාඨමාලාව හදාරණු ලබන ශ්‍රී ලංනා ගුවන් සහ නාවික හමුදා නිළධාරීන් කණ්ඩායමක් ආපදා කළමනාකරණ කටයුතු පිළිබදව පුහුණු වැඩමුලුවකට අද දින (09) සහභාගී විය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් අනුව සංවිධානය කරන ලද මෙම පුහුණු වැඩසටහනට ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය, ආපදා අවදානම් කළමනාකරණය සම්බන්ධ ගෝලීය වශයෙන් පවතින රමුගත වැඩ සටහන් සහ ආපදා හදිසි මෙහෙයුම් ක්‍රියාවලිය පිළිබද සිද්ධාන්තික කරුනු මෙන්ම මැදිරියේ ක්‍රියාකාරීත්වය සහ හදිසි ඇමතුම් මැදිරිය නිරීක්ෂණය කිරීම මෙම දැනුවත් කිරීමේ පුහුණු සැසියට ඇතුලත් විය.

වර්තමානය තුළ අප අත්දකිම්න් තිබෙන ගෝලීය අවදානම් තත්වයන් සළකා බැලීමේ දී ආපදා අවදානම් කළමනාකරණය කිරීමේ දී ආපදා පෙරසුදානම, සෙවීම් සහ මුදවාගැනීම් ක්‍රියාවලිය මෙන්ම ප්‍රතිෂ්ඨාපන සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථකව සිදු කිරීම සදහා නිශ්චිත ක්‍රියාකාරී සැලසුම් අප සතුවිය යුතු බවත් එම සැලසුම් අනුව ක්‍රියා කිරීම සදහා මනා පුහුණුවක් ලබා තිබිය යුතු බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා පෙන්වා දෙන ලදී.

එසේම සෑම ආයතනයක් තුළම ආපදාවක දී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ආයතනික සැලැස්මක් පැවතිය යුතු බවත් කිසියම් ආපදාවක දී කාලය සමග සළකා බලා තම සුරක්ෂිතතාව තහවුරු කරගැනීම, තමාගේ සේවා ආයතනය අවට ජනතාවගේ සුරක්ෂිතතාව තහවුරු කිරීමටත් ඉන් අනතුරුව තම ආයතනයට ආසන්නතාව අනුව ජනතාවගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම සම්බන්ධයෙන් සියලු නිළධාරීන් දැනුවත් විය යුතු බවත් මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ජනාවගේ ආපදා අවදානම අවමකිරීම සදහා කටයුතු කිරීම ආයතනයේ වගකීම බැවින් ආයතනික වශයෙන් ආපදා අවදානම් අවම කිරීම සදහා කටයුතු කිරීමට අවශ්‍ය මගපෙන්වීම හා පහසුකම් සැලසීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන බවත් අධ්‍යක්ෂ ජනරාල්තුමා මෙහි දී අවධාරණය කරන ලදී.

Air Force Officers Training Programme 2023-02-09 6  Air Force Officers Training Programme 2023-02-09 5 Air Force Officers Training Programme 2023-02-09 14 

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079