அவசர எச்சரிக்கைகள்

rss

පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට.
එල්ල වන බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදන කරයි.

Bad Weather 2019

දිවයින හරහා ගමන් කරමින් පැවති පීඩන අවපාතය ඊයේ රාත්‍රියේ අඩු පීඩන කලාපයක් බවට පත්ව දිවයිනෙන් ඉවතට ගමන් කර ඇති බවත් අද දිනයේ සිට දිවයිනේ කාලගුණයට ඉන් එල්ලවන බලපෑම අඩුවනු ඇති බවත් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

මේ අතර අද දිනයේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ සදහන් වේ. බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව තවදුරටත්  එම නිවේදයේ සදහන් වේ.

කන්කසන්තුරය සිට මන්නාරම, පුත්තලම සහ කොළඹ හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු ප්‍රදේශ රළු විය හැකි බැවින් ධීවර සහ නාවික කටයුතුවල යෙදීමේ දී ඒ පිළිබදව අවධානයෙන් කටයුතු කරන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත.

එසේම මඩකලපුව සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ දක්වා ඇත.

එසේම කන්කසන්තුරය සිට පුත්තලම සහ කොළඹ හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40-50 දක්වා වැඩිවිය හැකි එබැවින් දිවයින වටා මුහුදු වෙරළ ආශ්‍රිත සංචාරය කරනු ලබන පිරිස් මේ පිළිබච දැඩි අවධානය යොමු කළ යුතු බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකත් කරන නිවේදන සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

එසේම යම් ආපදා අවදානම් තත්වයක දී හදිසි ඇමතුම් අංක 117 තුළින් මහජන විමසුම් සදහා අදාල තොරතුරු ලබාදීමටත් සහ මහජනතාවට අවශ්‍ය සහය ලබාදීමටත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරනු ලැබේ.

 

මේ සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන නිවෙිදනය මේ සමග අමුණු ඇත.

ධීවර ජනතාව සදහා නිකුත් කර ඇති කාලගුණතොරතුරු නිවේදනය

 

 

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052