නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රිත පීඩන අවපාතය නැගෙනහිර වෙරළ තීරයට ලඟා වනු ඇත.

තවදුරටත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ධීවර ජනතාවට රතු නිවේදන.

 

Law Presure Area BAy of Bengal 2023නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය ඊයේ රාත්‍රියේ ත්‍රිකුණාමලයට කිලෝමීටර් 180 ක් පමණ නැගෙනහිර දෙසින් අක්ෂාංශ 8.4°සහ දේශාංශ 82.9°ආසන්නයේ කේන්ද්‍රගතව පවතින බවත් එය ක්‍රමයෙන් බටහිර දෙසට බරව නිරිත දෙසට ගමන් කරමින් 2023 පෙබරවාරි 01 (අද) පෙරවරුවේ දී ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය වෙතට ලඟා වෙනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එබැවින් උතුරු අක්ෂාංශ 05 ත් 12ත් සහ නැගෙනහිර දේශාංශ 78 සහ 88 ත් අතර මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 30-50පමණ වන අතර විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩිවිය හැක. ඉහත කී මුහුදු ප්‍රදේශ ඉතා රළු හෝ රළු වන අතර තද වැසි හෝ ගිගුරුම් සහිත වැසිද ඇතිවිය හැක.

එබැවින්ඉහත සඳහන් මුහුදු ප්‍රදේශයට පෙබරවාරි මස 02 දින දක්වා යාත්‍රා නොකරන ලෙසත් දිවයින වටා මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු තවදුරටත් ධීවර සහ නාවික කටයුතුවල නොයෙදන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම් දී ඇත.

මෙම අවපීඩන පද්ධතියේ බල පෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් උතුරඋතුරු-මැදවයඹ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සදහන් වේ.

උතුරඋතුරු-මැදනැගෙනහිරවයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර් 50-60 පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවලට විටින් විට හමන පැයට කිලෝමීටර් 40-50 පමණ තද සුළං බලාපොරොත්තුවිය හැකි යැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයින වටා මුහුදු වෙරළ ආශ්‍රිත සංචාරය කරනු ලබන පිරිස් මේ පිළිබච දැඩි අවධානය යොමු කළ යුතු බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකත් කරන නිවේදන සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් එසේම යම් ආපදා අවදානම් තත්වයක දී අවශ්‍ය සම්බන්ධීකරණය පහසු කරගැනීම සදහා හදිසි ඇමතුම් අංක 117 වෙත දුරකථන ඇමතුමක් ලබා දෙන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්  අද දින නිකුත් කරන ලද නිවේදනය සඳහා පිවිසෙන්න

 

 

 

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052