Kelaniya University Student  5කැළණිය විශ්වවිද්‍යාලයෙහි පරිසර කළමනාකරණය සහ සංකරක්ෂණය පිළිබද උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් සදහා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් 27 දින ආපදා කළමනාකරණ අංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

කැළණිය විශ්වවිද්‍යාලයෙහි පරිසර කළමනාකරණය සහ සංකරක්ෂණය පිළිබද උපාධි පාඨමාලාව තුළ එක් අධ්‍යයන විෂය ක්ෂේත්‍රයක් වශයෙන් ස්වභාවික ආපදා අවදානම් කළමනාකරණ ඇතුලත් කර ඇත. එබැවින් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබදව අධ්‍යයනය කිරීම සහ සිදුවී ඇති ආපදා අවස්ථාවක් සිද්ධී අධ්‍යනයක් වශයෙන් පාදක කරගමින් එම ආපදාව කළමනාකරණ කිරීම සදහා අනුගමනය කර ඇති ක්‍රියාමාර්ග සම්බන්ධව විෂයානු බද්ධව අධ්‍යයනය කිරීම ඔවුන්ගේ අරමුණ වු අතර ඒ පිළිබදව විශ්වවිද්‍යාල සිසුන් දැනුවත් කිරීම අධ්‍යක්ෂ දැනුවත් කිරීම් විසින් සිදු කරන ලදී.

මෙහිදී තෝරාගත් ආපදා අවස්ථා 03 ක් පාදක කරගිනිමින් ක්ෂේත්‍ර අධ්‍යයනයක් සිදුකර අධ්‍යයන වාර්ථාවක් සකස් කිරීම සදහා අවශ්‍ය මගපෙන්වීම ලබාදුන් අතර ඊට අදාලව අධ්‍යයන කටයුතු සදහා අවශ්‍ය දැනුම සහ සම්බන්ධීකරණ සහය ලබාදීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සිදු කරනු ලැබේ.

ඒසේම ඉදිරීයේ දී මෙවැනි අධ්‍යයන සදහා අවශ්‍ය සහය ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ජෙනරාල් විසින් උපදෙස් ලබා දුන් බවත් ආපදා අවදානම් අවම කිරීමේ ක්‍රියාවලිය සදහා මෙවැනි අධ්‍යයන තුළින් ලබා ගන්නා දැනුම උපයෝගි කර ගත හැකි බැවින් එම දැනුම හුවමාරු කරගැනීමේ වැදගත්කම පිළිබදව පෙන්වා දුන් බව ද අධ්‍යක්ෂතුමිය මෙහි දී අවධාරණය කරන ලදී.

Kelaniya University Student  6  Kelaniya University Student  1  Kelaniya University Student  2

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052