Natoinal Safety Day 2022  102004 වර්ෂයේ දෙසැම්බර් 26 වන දින සිදු වූ සුනාමි ව්‍යයසනයට ශ්‍රී ලංකාවේ මුහුදුබඩ දිස්ත්‍රික්ක 14 ක් ගොදුරු වු අතර 35,000 ක් පමණ පුරවැසියන් මිය ගිය අතර 5000 ක් පමණ අතුරු දහන් විය. 2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කිරිම උදෙසා 2005 වර්ෂයේ අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් සෑම වසරකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිත දිනය ලෙස නම්කර කෙරිනි. සුනාමි ව්‍යයසන සිදු වු අද දිනය (26) “ජාතික සුරක්ෂිත දිනය” දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මිය ගිය ජනතාව සිහිපත් කරමින් සර්ව ආගමික වතාවත් සිදු කෙරුනු අතර පෙ.ව. 9.25 සිට පෙ.ව.9.27 දක්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මිය ගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කිරීමට සිදු කරන ලදී.

ජාතික සුරක්ෂිත දින සැමරුම් උත්සවය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, දකුණු පළාත් ආණ්ඩුකාර ගරු විලී ගමගේ මැතිතුමන්ලා ඇතුලු දේශපාලන නියෝජිතයින් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඇතුලු රාජ්‍ය නිළධාරීන්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ මහජනතාවගේ සහභාගීත්වයෙන් අද දින (26) පෙරවරු 9.00 සිට ගාල්ල, තෙල්වත්ත, පැරෑලිය සුනාමි ස්‌මාරකය අබියස දී පැවැත්විය.

සර්ව ආගමික වතාවත් පවත්වා සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා නිසා මිය ගිය ජනතාව පිං පැමිණ වීම සිදු කළ අතර අතර ආපදා වලින් මිය ගිය ජනතාව සිහිපත් කරමින් සුනාමි ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය. එසේම පෙ.ව. 9.25 සිට පෙ.ව.9.27 දක්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මිය ගිය ජනතාව සිහිපත් කෙරිණි.
සුනාම් ව්‍යසනයෙන් විශාල සංඛ්‍යාවක ජීවිත අහිමි කරමින් පැරෑලිය ප්‍රදේශයේ දී සිදු වු දුම්රිය අනතුර සිහිපත් කරමින් සුනාමි ව්‍යසනයට ගොදුරු වූ දුම්රිය අනතුරු සිදු වු වේලාවට එම ස්ථානයට පැමිණ සුනාමි ස්මාරකයට පුෂ්පෝපහාර දක්වා සුනාමියෙන් මියගිය ජනතාව සිහිපත් කිරීම ද සිදු කරන ලදී.

මීට සමගාමීව ආචාර්ය කරදෙටියන ගුණරතන නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මත සිංගපුරු මහා කරුණා බෞද්ධ සංගමය විසින් භික්ෂුන් වහන්සේලා සදහා සිවුරු පිරිකර පුජා කිරීම සිදු කරන ලද අතර තෝරාගත් පාසැල් සිසුන් සදහා පාසැල් උපකරණ බෙදා දීම සිදු කරන ලදී.

එසේම ගාල්ල මාදම්පා මධ්‍ය විද්‍යාලයේ ස්ථාපිත කරනු ලැබු ආපදා පුර්ව අනතුරු ඇගවීමේ පද්ධතිය පාසැල වෙත භාර දීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා විසින් අද දින (26) සිදු කරන ලදී.

Natoinal Safety Day 2022  8 Natoinal Safety Day 2022  14  Natoinal Safety Day 2022  11

Natoinal Safety Day 2022  34 Natoinal Safety Day 2022  16  Natoinal Safety Day 2022  32

Natoinal Safety Day 2022  23 Natoinal Safety Day 2022  21  Natoinal Safety Day 2022  40

Natoinal Safety Day 2022  37 Natoinal Safety Day 2022  41 Natoinal Safety Day 2022  47 

Natoinal Safety Day 2022  49 Natoinal Safety Day 2022  46 Natoinal Safety Day 2022  44Madampa vidyalaya 1  Madampa vidyalaya 4  Madampa vidyalaya 6

ගාල්ල මාදම්පා මධ්‍ය විද්‍යාලයේ ස්ථාපිත කරනු ලැබු ආපදා පුර්ව අනතුරු ඇගවීමේ පද්ධතිය පාසැල වෙත භාර දීම.

National Safety Day 2022 Puttalam 4 National Safety Day 2022 Puttalam 8 National Safety Day 2022 Puttalam 9 

පුත්තලම දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික සුරක්ෂත දින සැමරුම.

Gampaha 2022 1   Gampaha 2022 2Gampaha 2022 3 

පුත්තලම දිස්ත්‍රික් ජාතික සුරක්ෂත දින සැමරුම.

Ampara Safety day 2022 9 Ampara Safety day 2022 8 Ampara Safety day 2022 3 Ampara Safety day 2022 2

අම්පාර දිස්ත්‍රික් ජාතික සුරක්ෂත දින සැමරුම.

Ampara 2022 5  Ampara 2022 7  Ampara 2022 8 

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ජාතික සුරක්ෂත දින සැමරුම.

DMC-

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052