අයහපත් කාළගුණික තත්වයෙන් විපතට පත් ජනතාවට අවශ්‍යා සොයාබැලීම සදහා වාරිමාර්ග ජල කළමනාකරණ සහ ආපදා කළමනාකරණ අමත්‍ය දුමින්ද දිසානායක අමාත්‍යතුමා රත්නපුර දිසුත්‍රික්කයේ නීරීක්ෂණය කරන ලදී.

 

මෙහි දී ජනතාවගේ අවශ්‍යතා යොයා බලා අවශ්‍ය පියවර ගැනීම අදාල උපදෙස් ලබාදීම සිදු කළ අමාත්‍යවරයා (23) ඊයේ දින ගංවතුර ආපදා හේතුවෙන් අවතැන් වී සිටි ජනතාව වෙත ගොස් අවශ්‍යතා සොයා බැලීම සිදු කරන ලදී. රත්නපුර මුස්ලිම් මහ පල්ලිය, සිවන් කෝවිල සහ සද්ධර්මාලංකාරාම පිරිවන ආදී ස්ථාන වෙත ගිය ආමාත්‍යවරයා රාජ්‍ය නිළධාරීන් සමග ආපදාවට මුහුණ දී ඇති ජනතාවට අවශ්‍ය සහන සැලසීම සහ සෙවීම් මුදවාගැනීම් පිළිබද මෙන්ම දැනය පවතින ගැටලු පිළිදව රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙයේ දී සාකච්ඡා කරන ලදී.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. විජේතුංග මහතා, රත්නපුර දිස්ත්‍රික් ලේකම්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන(හදිසි මෙහෙයුම්), ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඇතුලු නිළධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.
මේ වන විට (24) රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 6,941 ක පුද්ලගයින් 27250 ක් අයහපත් කාලගුණ තත්වය හේතුයෙන් ඇති වු ආපදා වල බලපෑමට ලක්වී ඇති අතර ආරක්ෂිත ස්ථාන 28 ක පවුල් 162 කට අයත් පුද්ගලයින් 581 ක් ආරක්ෂිත මධ්‍යස්ථාන වල ජීවත් වේ.

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079