Bad Weather 2019දිවයින ආශ්‍රිතව පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින බවත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිවේදනය කර ඇත.

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 ක පමණ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවත් එම නිවේදනයේ සදහන් වේ.


එසේම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම නිවේදනයේ තවදුරටත් දැක් වේ.

එසේම මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල කඩින් කඩ වැසි ලැබෙමින් පවතින අතර පවතින සුළු වර්ෂාවත් සමග මධ්‍යම කදුකරයේ ස්ථාන කිහිපයකම ප්‍රධාන මාර්ග වල රථ වාහන ගමනා ගමනයට බාධා වන සේ ඝන මිදුම් තත්ත්වයක් වාර්තා වේ. විශේෂයෙන්ම හැටන් නුවරඑලිය හැටන් කොළඹ හැටන් බගවන්තලාව සහ මස්කෙලිය යන මාර්ග වල මෙම ඝන මිදුම් තත්ත්වය පවතින බව නුවරඑලිය ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය නිවේදනය කරයි.

මධ්‍යම කදුකරයේ පවතින මිදුම් තත්ත්වය සහ පවතින සුළු වර්ෂාවත් සමග එම මාර්ගවල රථ වාහන ධාවනය කිරිමේ දී සැලිකිලමත් ලෙස රිය ධාවනය කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

එසේම ගාල්ල, කළුතර සහ රත්නපුර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද නිකුත් කර ඇත. ඇතිවිය හැකි වර්ෂාධීක කාලගුණික තත්වය හේතුවෙන් නායයාම් අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව ඇතිවිය හැකි අවදානම පිළිබද ව සැලකිල්ල දැක්විය යුතු අතර කිසියම් ස්ථානයක නායයාම් පුර්ව ලක්ෂණ නිරීක්ෂණය වන්නේ නම් ආපදා කළමනාකරණ මධයස්ථානය දැනුවත් කරන ජනතාව ගෙන් ඉල්ලා සිටී. එසේම ජල ගැලීම් සිදු වන ගංගා නිම්න ප්‍රදේශවල ජනතාව ඇතිවිය හැකි ගංවතුර අවදානමෙන් තම දේපළ සුරක්ෂිත කරගැනීම සදහා කටයුතු කරන මෙන් ඉල්ලා සිටී.

අකුණු අනතුරු වළක්වා ගැනීම, අවදානම් ගස් කඩා වැටීම හේතුවෙන් සහ විදුලි රැහැන් ඇද වැටීම නිසා ඇතිවිය හැකි හානි අවම කර ගැනීමටත් කදුකර ප්‍රදේශවල මාර්ග ඔස්සේ රථවාහන ධාවනය කරන්නන් අවධානයෙන් කටයුතු කරන ලෙසත් පවතින කාලගුණ තත්වය පිළිබදව දැනගැනීම සදහා හෝ යම් ආපදාවක් නිසා ඇතිවන පිඩාකාරී තත්වයන් පිළිබදව තොරතුරු ලබාදීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 දුරකථන අමතන ලෙස ඉල්ලා සිටී.

පවතින කාලගුණික තත්වය පිළිබද යාවත්කාලීන තොරතුරු සදහා www.dmc.gov.lkයන වෙබ් අඩවියට පිවිසෙන්න

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052