
ආපදා කළමනාකරණ ක්‍රමවේද සහ නෛතික පසුබිම, ආපදා කළමනාකරණයේදී මාධ්‍ය කාර්යභාරය පිළිබද සිද්ධාන්තික කරුනු සහ ආපදා සංනිවේදන හා ප්‍රවෘත්ති වාර්තාකරණය තුළ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මුහුණපාන ගැටලු අවමකර ගැනීම පිළිබදව, තාක්ෂණික ආයතන සහ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් අතර මනා සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් සකස් කිරීම කිරීම පිළිබදව මෙහි දී අවධානය යොමු කරන ලදී.
නායයාම් අධි අවදානම් දිස්ත්‍රික්ක වශයෙන් බදුල්ල සහ නුවරඑලිය දිස්ත්‍රික්ක ආශ්‍රිතව නායයාම් අවදානම් අවම කරගැනීම වෙනුවෙන් මහජන වගකීම පැහැර හැරීම් හා නැවත පදිංචි කිරීමේ දී ආපදා අවදානමින් තොර සුරක්ෂිත ස්ථාන හදුනාගැනීමේ දී සීමිත ඉඩ පරාශයක ජනතාව පදිංචි කිරීමේ දී මුහුණ පාන ගැටලු පිළිබදව මාධ්‍ය වේදීන් දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.
බදුල්ල දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහන - සැප්තැම්බර් මස 29 දින බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරය
නුවරඑලිය දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහන - සැප්තැම්බර් මස 30 දින නුවරඑලිය ඇල්පයින් හෝටල් ශ්‍රවනාගාරය