කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ හරහා මෙන්ම උතුරු, උතුරු-මැද සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 50 ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති අතර සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ තවදුරටත් සදහන් වේ.
එසේම මධ්‍යම කදුකර ප්‍රදේශයේ පවතින වර්ෂාව, මීදුම් සහිත කාලගුණ තත්වය සහ පවතින තඳ සුළං හේතුවෙන් කොළඔ බදුල්ල ප්‍රධාන මාර්ගය මෙන්ම හැටන් නුවරඑලිය සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වරින් වර ඝන මිදුම් තත්ත්වයක් ඇති වන බවත්, පවතින වර්ෂාව සහ දැඩි සුලං තත්ත්වය සහ මාර්ග ලිස්සන සුලු බැවින් එම මාර්ගවල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙසත්, මාර්ග ආශ්‍රිතව නායයාම්, පස් කණ්ඩි කඩාවැටීම් සහ ගල් පෙරලීම් වැනි අනතුරු දායක තත්වයන් වාර්තා විය හැකි බැවින් එම මාර්ග වල රිය ධාවන කිරීමේ දී විමසිලිවත් වන ලෙසත් කදුකර ප්‍රදේශ ආශ්‍රිතව මාර්ග වල රථ වාහන ධාවනය කිරිමේදි මාර්ගය අභියස වාහන ගාල් නොකරන ලෙසත් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක විසින් ජනතාවට දැනුම් දේ.