ඊයේ රාත්‍රී හටගත් ගින්න මැඩපැවැත්විම සඳහා ගිනිනිවන දෙපාර්තමේන්තුව සහ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඇතුලු පාර්ශවකාර ආයතන සම්බන්ධිකරණය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලද අතර කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සමග අද දින ආපදා කළමානාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා අද දින කටයුතු කරන ලදී.
තොටළග කජීමාවත්ත නිවාස පෙළක ඊයේ රාත්‍රියේ ඇතිවූ ගින්නෙන් නිවාස 60 ක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති අතර නිවාස 12 ක් අර්ධ හානියට පත් වී ඇති අතර පුවල් 71 පුද්ගලයින් 306 ක් සුරක්ෂිත කදවුරු 02 ක් වෙත යොමු කිරීමට කටයුතු කරන ලදී.