Kgalle Media awareness Programme 2

ආපදා කළමනාකරණය පිළිබදව තොරතුරු ග්‍රාමීය මට්ටම දක්වා ප්‍රචාරණය කිරීමආපදා අවදානම අවම කර ගැනීමට සහ ආපදා නිසා සිදුවන ජීවිත හා දේපළ හානි අවම කර ගැනීම සහ රටේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා ජනතාව දැනුවත් කිරීමේ අරමුණ ඇතිව වර්ඩ් විෂන් ආයතනයේ මුල්‍ය දායකත්වය සහිතව ක්‍රියාත්මක ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් වැඩසටහන යටතේ රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් මාධ්‍යවේධීන් දැනුවත් කිරීම පසුගිය දා දිස්ත්‍රික් ලේකම්වරුනගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විණි.

ආපදා කළමනාකරණ ක්‍රමවේද සහ නෛතික පසුබිම, ආපදා කළමනාකරණයේදී මාධ්‍ය කාර්යභාරය පිළිබද සිද්ධාන්තික කරුනු සහ ආපදා සංනිවේදනයේ දී හා ප්‍රවෘත්ති වාර්තාකරණය තුළ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මුහුණපාන ගැටලු සහ ඒවා අවමකර ගැනීම පිළිබදව සහ තාක්ෂණික ආයතන සහ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් අතර මනා සම්බන්ධීකරණයක් ඇති කිරීම පිළිබදව මෙහි දී අවධානය යොමු විය.

නායයාම් අධි අවදානම් දිස්ත්‍රික්ත වශයෙන් කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික් ආශ්‍රිතව නායයාම් අවදානම් අවම කරගැනීම වෙනුවෙන් මහජන වගකීම පිළිබදව මාධ්‍ය වේදීන් දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.

Rathnapura Media awareness Programme  2  Rathnapura Media awareness Programme  3  Rathnapura Media awareness Programme  1

රත්නපුර දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහන - සැප්තැම්බර් මස 22 දින රත්නපුර කේතුමතී හෝටල් ශ්‍රවනාගාරය

Kgalle Media awareness Programme 1  Kgalle Media awareness Programme 3  Kgalle Media awareness Programme 4

කෑගල්ල දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහන - සැප්තැම්බර් මස 23 දින කෑගල්ල ස්ලීක් හෝටල් ශ්‍රවනාගාරය

 

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052