ගිනි ආපදාවක දී සිදුවිය හැකි ජීවිත හා දේපල හානිය අවමකර ගැනීම සදහා විධිමත් ක්‍රමවේද අනුගමනය කිරීම පිළිබදව තංගල්ල මුලික රෝහලේ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ පෙරහුරු වැඩසටහනක් තංගල්ල රෝහල් පරිශ්‍රයේ දී සැප්තැම්බර් මස 13 වන දින පැවැත් විණි.
ගිනි ගැනීමක දී කටයුතු කළයුතු ආකාරය පිළිබඳ පවතින අනවබෝධය, අනුගමනය කරනු ලබන වැරදි ක්‍රියාකාරකම් මෙන්ම ප්‍රායෝගිකව ආපදා අවස්ථාවක දී කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මනා වැටහීමක් නොමැතිවීම හේතුවෙන් සිදුවිය හැකි හානිය විශාල වේ. මේ නිසා හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක විසින් සංවිධනය කරන ලද මෙම වැඩසටහන මගින් ගිනි ආපදාව අවදානම අවම කර ගැනීම සදහා ආපදාවට පෙර, ආපදා අවස්ථාවේ දී සහ ආපදාවකින් පසු අනුගමනය කළ යුතු ක්‍රමවේද පිළිබඳ දැනුවත් කිරීම හා ගිනි ආපදාවක දී කටයුතු කළ යුතු ආකාරය පිළිබදවවිධිමත් ප්‍රායෝගික පුහුණුවක් ලබාදීමට කටයුතු කරන ලදී.
තංගල්ල මුලික රෝහලේ අධ්‍යක්ෂතුමියගේ ඉල්ලීම අනුව සංවිධානය කරන ලද මෙම ගිණි ආරක්ෂණ දැනුවත් කිරීමේ වැඩසටහන සදහා තංගල්ල මුලික රෝහලේ කාර්ය ඩංමලය සහභාගී විය.
ගිනි ආරක්ෂණය පිළිබදව තංගල්ල මුලික රෝහල් කාර්ය මංඩලය දැනුවත් කිරීමේ වැඩසටහන- 2022 සැප්කැම්බර් 13, තංගල්ල මුලික රෝහල.