ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යතුමා විසින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ කාර්යභාරය සහ ඉදිරි සැලසුම් පිළබද සාකච්ඡා කිරීම සැප්තැම්බර් මස 13 වන දින ආපදා කළමනාකරණ අංශයේ ප්‍රධාන ශ්‍රවනාගාරයේදී සිදු කරන ලදී.
නව්‍යත්වයෙන් යුතු නිර්මානාත්මක සැලසුම් සහිතව රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවල දායකත්වය වැඩි වශයෙන් ලබා ගෙන රටේ ආපදා කළමාකරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සදහා කටයුතු කිරීමට තමා අපේක්ෂා කරන බව මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා පැවසීය.
සුනාමි ව්‍යසනයෙන් පසු රටේ ස්ථාපිත කර ඇති ආපදා කළමනාකරණ යාන්ත්‍රණය පිළිබද සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පැවරී ඇති රාජකාරී සහ ක්‍රියාත්මක කරමින් පවතින වැඩසටහන් පිළිබදව අමාත්‍යතුමා දැනුවත් කිරීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා විසින් සිදු කරන ලදී.
එසේම ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ කාර්යභාරය සහ ක්‍රියාත්මක වැඩසටහන් පිළිබදව ආමාත්‍යතුමා දැනුවත් කිරීමට එහි වැඩබලන අධ්යක්ෂ වශයෙන් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා කටයුතු කරන ලදී.