ආපදා කළමනාකරණය පිළිබදව තොරතුරු ග්‍රාමීය මට්ටම දක්වා ප්‍රචාරණය කිරීම, ආපදා අවදානම අවම කර ගැනීමට සහ ආපදා නිසා සිදුවන ජීවිත හා දේපළ හානි අවම කර ගැනීම සහ රටේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා ජනතාව දැනුවත් කිරීමේ අරමුණ ඇතිව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් වැඩසටහනේ තවත් වැඩසටහන් දෙකක් පසුගිය 8 සහ 9 යන දෙදින තුළ ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික් ලේකම්වරුනගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ගෝලීය උණුසුම සහ කාලගුණික හා දේශගුණික වෙනස්කම් හා ඒ ආශ්‍රිත සිදුවිය හැකි ආපදා, ආපදා කළමනාකරණ ක්‍රමවේදය සහ ආපදා කළමනාකරණයේදී මාධ්‍ය කාර්යභාරය පිළිබද සිද්ධාන්තික කරුනු සහ ආපදා සංනිවේදනයේ ප්‍රවෘත්ති වාර්තාකරණය තුළ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මුහුණපාන ගැටලු සහ ඒවා අවමකර ගැනීම පිළිබදව සහ තාක්ෂණික ආයතන සහ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් අතර මනා සම්බන්ධීකරණයක් ඇති කිරීම පිළිබදව මෙහි දී අවධානය යොමු විය.
ගංවතුර අවදානම පාලන කිරීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ගංවතුර කළමනාකරණ සදහා ඉදිරි ක්‍රියාමාර්ග පිළබදව මාධ්‍ය දැනුවත් කිරීම සහ නායයාම් අවම කරගැනීම සදහා ඇති මහජන වගකීම පිළිබදව මාධ්‍ය වේදීන් දැනුවත් කිරීම මෙම එක්දින වැඩමුළුවේ දී සිදු කෙරිණි.
මාතලේ දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහන - සැප්තැම්බර් මස 09 දින මාතලේ ස්ප්‍රින්විව් හෝටල් ශ්‍රවනාගාරය
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහන - සැප්තැම්බර් මස 08 දින ත්‍රිකුණාමලය ජේකබ් හෝටල් ශ්‍රවනාගාරය